
‘මංකි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය හැඳින්වීමට අලුත් නමක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ‘වඳුරු උණ’ වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට ඇරැයුම් කර තිබේ.
මෙම වයිරසය, වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තිය සිදුවන වයිරසයක් බැවින් මෙය ‘වඳුරු උණ’ ලෙස හැඳින්වෙයි.
පළමුවෙන් ‘වඳුරු උණ’ වයිරසය සොයා ගැණුනේ 1970 දී අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයෙනි. ‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවය. මෙම කලාපයේ රටවල ‘වඳුරු උණ’ ව්‍යාප්තිය බහුලව සිදුවෙයි.
කෙසේ නමුත්, මේ වනතුරු ‘වඳුරු උණ’ අප්‍රිකාවෙන් පිට බටහිර රටවලින් වාර්තා වූයේ ඉතාමත් කලාතුරකිනි. අදවනවිට ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ වයිරස වසංගත තත්ත්වයක් වාර්තා වීමට පටන්ගෙන ඇත.
රටවල් 70 කට වැඩි ගණනකට ‘වඳුරු උණ’ වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, වාර්තා වී ඇති රෝගීන් ගණන 31,000 ට වැඩිය. මරණ 12 ක් වාර්තා වෙයි. අප්‍රිකාවෙන් පිට වෙනත් රටවලින් මෙසේ ‘වඳුරු උණ’ වාර්තා වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මවිතය පළ කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයකට පත් කර ඇත. වැඩියෙන්ම ‘වඳුරු උණ’ ව්‍යාප්තියක් සිදුවන්නේ යුරෝපා බටහිර රටවලිනි.
ඇමෙරිකාවේ ද ප්‍රාන්ත මට්ටමින් ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් හදිසි තත්ත්ව ප්‍රකාශයට පත් කර තිබේ.
වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයි ඇමෙරිකන් වෛද්‍යවරු පවසති.
‘වඳුරු උණ’ යනු වසූරිය සහ පැපොල අතර මැදි තත්ත්වයකි. සමේ බිබිලි හට ගැනීම, උණ, මස්පිඩු වේදනාව, හිසරදය ආදිය වඳුරු උණ රෝග ලක්ෂණය.
‘වඳුරු උණ’ ආසාදනය වැළැක්වීමට මේ වනවිටත් රටවල් බොහොමයක් එන්නත්කරණ වැඩසටහන් ආරම්භ වී ඇත. එන්නත් ලෙස ලබා දෙන්නේ වසූරිය හෝ පැපොල ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්ය. මෙම එන්නත් මේ වනවිට යවත්කාලීන කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’වඳුරු උණ’ හඳුන්වන්න අලුත් නමක් ඕනෑ