IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වඳුරු උණ පාලනය කළ හැකියි

‘කොවිඩ් 19’ වයිරසය මෙන් නොව, ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) හෙවත් මන්කිපොක්ස් වයිරසය පාලනය කිරීමත්, සහමුලින් තුරන් කර දැමීමත් පහසු බව ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් වඳුරු උණ ආසාදිතයන් වාර්තා වේ. ධවල මන්දිරයේ උපදෙස් පරිදි, වඳුරු උණ වයිරසය ආසාදනය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදා දීම ද සිදුවෙමින් පවතී.  වඳුරු උණ අයත් වන්නේ වසූරිය, පැපොල අයත් වයිරස කාණ්ඩයටය.

එහෙයින්, වසූරිය සඳහා නිපදවා ඇති එන්නත්  ‘වඳුරු උණ’ ආසාදනය වළක්වා ගැනීමට භාවිතය ගැනෙයි. ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පවසන ආකාරයට  වඳුරැ උණ වයිරසය සියයට  95 ක් ව්‍යාප්තිය සිදුවන්නේ සමලිංගික ඇසුරිනි.

ඊයේ (24) වනවිට රටවල් 75 කින් වඳුරු උණ ආසාදිතයන් හමුවී තිබේ. සමස්ත ආසාදිතයන් ගණන 17,000 කි. වඳුරු උණ හේතුවෙන් මරණ වාර්තා වන්නේ අප්‍රිකා රටවලින් පමණි. වාර්තා වන මරණ ගණන 5 කි.

මේ වනවිට අසාමාන්‍ය ලෙස ලොව පුරා ව්‍යාප්ත වුවත්, වඳුරු උණ අප්‍රිකා රටවලට ආවේණික වයිරසයකි. වඳුරු උණ ගෝලීය ‘හදිසි තත්ත්වයක්’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

වඳුරු උණ පාලනය කළ හැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site