
ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රටවල් 78 කට මේ වනවිට වඳුරු උණ වයිරසය ව්‍යාප්ත වී තිබේ.
ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කළ ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) වසංගතය පාලනය කළ හැකි යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළේ, ‘වඳුරු උණ’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
‘ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන අන්දමට, ආසාදිතයන් හඳුනා ගැනීම සහ නිරෝධායනය හරහා වඳුරු උණ වයිරස වසංගතය පාලනය කරගන්න පුළුවන්. එසේ කරන්න නම් ලොව අප සැවොම එකමුතුව කටයුතු කළ යුතුයි’ යැයි එම මාධ්‍ය හමුවේ දී ගෙබ්‍රියේසිස් පැවැසීය.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ, ඉන්දීය සම්භවයක් ඇති සෞම්‍යා ස්වාමිනාදන් පෙන්වා දෙන්නේ ‘වඳුරු උණ’ ගෝලීය වසංගත තත්ත්වයක් තෙක් දුරදිග යෑම අප කාගේත් විශේෂ අවධානයට ලක් විය යුතු බවය.
‘වඳුරු උණ කියන්නේ පැපොල සහ මාරක වසූරිය වයිරස රෝගවල අතර මැද තත්ත්වයක්. 1979 සහ 1980 වසරවලින් පසු අප වසූරියට එරෙහිව එන්නත් වැඩසටහන් නවතා දැම්මා. වඳුරු උණ වයිරසය වැඩි දියුණු වී ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වීමට එය හේතුවක් වුණා වෙන්න පුළුවන්’ යැයි සෞම්‍යා ස්වාමිනාදන් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වඳුරු උණ ආසාදිතයෝ 18,000 ක්