IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෙන විකල්පයක් තිබුණේ නෑ - බයිඩන්

වසර 20 ක් තිස්සේ දිග්ගැස්සුණු යුද්ධය අවසන් කිරීමට නම්, ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම හැර වෙන විකල්පයක් නොතිබුණු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පැහැදිලි කළේය.

බයිඩන් මෙසේ ජාතිය ඇමැතුවේ, අවසන් ඇමෙරිකන් සොල්දාදුවන් කණ්ඩායම ද ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. 'ඇෆ්ගනිස්තානයේ සදාකල් යුද්ධයක පැටලී සිටීම කළ හැකි දෙයක් නොවෙයි. අවසානයක් තිබිය යුතුයි. හමුදා ඉවත් කර ගැනීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. එසේ නොකළා නම්, එය යළි අලුත් යුද්ධයකට මඟ පෑදෙන්න තිබුණා.' යැයි රූපවාහිනියෙන් ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේය.

'අප නේටෝ සාමාජිකයන් ද හවුල් කර ගනිමින්, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අරඹමින්. මීට දශකයකට පමණ කලින් අප අපේ අරමුණු ඉටු කර ගත්තා. ඉන්පසු තවත් දශකයක කාලයක් අප ඇෆ්ගනිස්තානයේ රැඳී සිටියා. සදාකල් ඇෆ්ගනිස්තානයේ රැදී සිටින්න අපට විදියක් නැහැ' යැයි බයිඩන් පැහැදිලි කළේය.

'අප වසර 10 ක් තලේබාන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණා. ඉන්පසු වසර 10 ක් ඇෆ්ගන් රජයේ ආරක්ෂක අංශ ශක්තිමත් කළා. ආයුද දුන්නා. පුහුණුව දුන්නා. අප විශ්වාස කළා ඔවුන්ට තලේබාන්වරුන් මර්දනය කර ගැනීමට හැකිවේවි. ඒත් ඒ සිතුවිල්ල වැරදි බව පසුව අවබෝධ වුණා' යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් කියා සිටියේය.

ඇමෙරිකානු හමුදා ප්‍රමුඛ නේටෝ හමුදා කඩිනමින් ආපසු ගෙන්වා ගැනීම සහ ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට නතුවී ඇෆ්ගන් වැසියන් අමාරුවේ වැටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව පමණක් නොව ඇමෙරිකන් වැසියන් ද ජනාධිපති ජෝ බයිඩන්ට දොස් නගන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (0)

වෙන විකල්පයක් තිබුණේ නෑ - බයිඩන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site