IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙනිසියුලා විපක්ෂ නායක ඝාතන තැතක්

මීළඟ ජනාධිපතිවරණයට තමා සමඟ තරග වදින විපක්ෂ අපේක්ෂක හෙන්රීකේ කැප්රියේල්ස් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් පවතින බවත් ඊට රජයේ කිසිදු සම්බන්ධයක් නැති බවත් වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පවසයි. කැප්රියේල්ස් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබද තොරතුරු ලැබී ඇත්තේ බුද්ධි අංශවලින් යැයි ද වෙනිසියුලා ජනාධිපතිවරයා පවසයි. චාවේස්ට අභියෝග කරමින්, චාවේස්ගේ පාලනය පෙරළා දැමීමට මීළඟ ජනපතිවරණයේදී කැප්රියේල්ස්ට ජන බලයක් ලැබෙනු ඇතැයි ද පෙනී ගොස් තිබේ. කැප්රියේල්ස් මේ වනවිට වෙනිසියුලාව පුරා සංචාරය යෙදෙමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටියි. එම ඝාතන සැලැස්මට සම්බන්ධ වී සිටින්නේ විපක්ෂ කණ්ඩායම් යැයි ද ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටින අතර කැප්රියේල්ස්ට ආරක්ෂාවක් ලබා දීමට ද තමන් සූදානමින් සිටින බව පවසයි. කැප්රියේල්ස්, වෙනිසියුලාවේ මිරැුන්ඩා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ද වෙයි.



අදහස් (0)

වෙනිසියුලා විපක්ෂ නායක ඝාතන තැතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site