IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස නිකලස් මදුරෝ දිවුරුම් දෙයි

වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස්ගේ අවමංගල කටයුතු ඉකුත් සිකුරාදා (8) රාජ්‍ය ගෞරව සහිතව පැවැත් වුණු අතර, උප ජනපති ධුරයේ සිටි නිකලස් මදුරෝ එදින සවස එරට භාරකාර ජනපති ලෙස දිවුරුම් දුන්නේය. 
වෙනිසියුලාවේ ජනපතිවරණය ලබන අපේ‍්‍රල් මස 14 වැනිදා පැවැත්වෙන බව ද දිවුරුම් දුන් අවස්ථාවේදී මදුරෝ පැවැසීය. 
චාවේස්ගේ අභාවයෙන් පසු දින 30 ක් ඇතුළත දී ජනපතිවරණයක් පවත්වන බව වෙනිසියුලානු රජය නිවේදනය කළේ ඉකුත් 7 වැනිදාය. 
ඒ අනුව අපේ‍්‍රල් 14 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේ දී චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ද වන මදුරෝට විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය. එම මැතිවරණයෙන් චාවේස් සියයට 54.42 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකරගත් අතර කැප්රිලේට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයකි. වෙනිසියුලාවේ බටහිර පළාත් කැප්රිලේට සහාය පළ කළ අතර ඇමෙරිකාවේ සහාය ද හිමිවූයේ ඔහුටය.

 

මදුරෝ දිව්රුම් දෙමින්...

 



අදහස් (0)

වෙනිසියුලාවේ භාරකාර ජනපති ලෙස නිකලස් මදුරෝ දිවුරුම් දෙයි

වෙනුර Monday, 11 March 2013 11:53 AM

චාවේස්ගේ අඩිපාරේම ඔබටත් යන්නට හැකිවේවා! (නි)

:       0       0

අමිල කටුනායක Monday, 11 March 2013 12:19 PM

ජය වේවා පෙම්බර මදුරෝ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site