IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙනිසියුලාවේ භාරකාර ජනපති මැතිවරණ කටයුතු ආරම්භ කරයි

හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයට ඉදිරිපත් වන භාරකාර ජනපති නිකලස් මදුරෝ ඊයේ (3)  චාවේස්ගේ උපන් ගම වන සබනේටාහිදී සිය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
මියයෑමට පෙර තම අනුප‍්‍රාප්තිකයා ලෙස චාවේස් නම් කළේ නිකලස් මදුරෝය. ඔහු වෙනිසියුලාවේ උප ජනපති ධුරය ද හෙබවීය. ඔහු වෙනිසියුලාවේ භාරකාර ජනපති ධුරයට පත් වූයේ චාවේස්ගේ අභාවයෙන් පසුවය.
1962 වසරේ නොවැම්බර් 23 වැනිදා උපන් මදුරෝ බස් රථ රියැදුරෙකි. ඔහු දේශපාලනයට අවතීර්ණ වූයේ වෘත්තීය සමිති නායකයකු ලෙසය. චාවේස් ඉකුත් දෙසැම්බරයේ පිළිකා සැත්කමට භාජන වීමට කියුබාවේ හවානා නුවර බලා ගිය අවස්ථාවේදී මදුරෝට බලය පැවැරීමක් ද කළේය.
1994 වසරේ සිට චාවේස් සමීපව ඇසුරු කළත්, මදුරෝ වෙනිසියුලාවේ දේශපාලන කරළියට පිවිසියේ 2006 වසරේදීය.
එවකට චාවේස්ගේ රජයේ විදේශ කටයුතු ඇමැති ධුරය හෙබවූයේ ඔහුය. ඔහු උප ජනපති ධුරයට පත්වුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ 7 වැනිදා පැවැති මැතිවරණයෙනි.
නිකලස් මදුරෝ මොරෝස් උපන්නේ වෙනිසියුලාවේ කැරකස් නුවරදීය. ඒ, 1962 වසරේ නොවැම්බර් 23 වැනිදා ය. රජය පෙරැළීමට ගත් අසාර්ථක හමුදා කුමන්ත‍්‍රණයකින් චාවේස් සිර දඬුවම් විද 1994 වසරේ සමාව ලැබ නිදහස් වූ අවස්ථාවේ සිට ඔහුගේ සමීපතමයකු වූයේ මදුරෝ ය. එනිසා ඔහුට චාවේස්ගේ ගෞරවයත් ආදරයත් හිමිවිය.
ජනපතිවරණයේ දී මදුරෝට වෙනිසියුලානු විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මදුරෝ මැතිවරණ කටයුතු ආරම්භ කරමින් ...

 



අදහස් (0)

වෙනිසියුලාවේ භාරකාර ජනපති මැතිවරණ කටයුතු ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site