IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


වෙනිසියුලාවේ දැවැන්ත වැඩ වර්ජනයක්

වෙනිසියුලා විපක්ෂය දියත් කරන ලද දැවැන්ත වැඩ වර්ජනයකට වෙනිසියුලා වැසියන් මිලියන ගණනක් එක්ව ඇතැයි වාර්තා වේ.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ලබන 30 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර ඊට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්වෙයි.

වෙනිසියුලා ජනාධිපතිවරයා නියමිත මැතිවරණ නොපවත්වමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් එරට විපක්ෂය පසුගිය අප්‍රේල් මාසයේදී ආණ්ඩු විරෝධී, විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

මදුරෝ මහතා  අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකාව සමඟ ද මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර වෙනිසියුලා ජනාධිපතිවරයාට කිසිදු ලෙසකින් නීතිවිරෝධී ලෙස ව්‍යවස්ථා සංශෝධන කිරීමට ඉඩ නොදෙන බව ඇමෙරිකාව සඳහන් කරයි.

වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පනවන බවත් කිසිදු ලෙසකින් වෙනිසියුලාව කැබලිවලට කැඩී වෙන්වීමට ඉඩ නොතබමන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉකුත් දා අනතුරු ඇඟවීය. අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පැවැති විරෝධතාවලදී ඇති වූ ගැටුම් හේතුවෙන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

වැඩ වර්ජනය ඉතා කුඩා එකක් බවත් නායකයන් අත්අඩංගුවට ගන්නා බවත් මදුරෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. රටෙන් සියයට 85කට ආසන්න පිරිසක් වැඩ වර්ජනයකට සම්බන්ධ වී සිටින බව වෙනිසියුලා විපක්ෂය පවසයි.

ඒ.එෆ්.පී/රොයිටර් 055

 



අදහස් (0)

වෙනිසියුලාවේ දැවැන්ත වැඩ වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site