IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘වන්දි නැත්තම් ගග හරවයි.‘

චීනයේ ගුවන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ යැන්ග්ජි ප්‍රදේශයේ ඉදිකැරෙන නවතම කාර්යාල සංකීර්ණයකට අවශ්‍ය ඉඩම් වෙන්කර ගැනීම පසුගිය කාලය පුරාම සිදුවිය.ඉඩම් අහිමි වන ප්‍රදේශවාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමටත් වන්දි  ප්‍රදානය කිරීමටත් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටිනා කොන්ත්‍රාත්කරුවන් කටයුතු කර තිබුණි.

එසේ වුවද තමන්ට හිමිවන වන්දිය   කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් කිසිවකුත් කියූ පලියට සිය නිවාස අතහැර යාමට තමන් සූදානම් නැති බවත් කියමින් කැරලි ගැසූ වැසියන් කිහිපදෙනෙක්ද ප්‍රදේශවාසීන් අතර වුහ.කොන්ත්‍රාත්කරුවන් කොතෙකුත් උත්සාහ කළද සිය ස්ථාවරය වෙනස් කළේ ඔවුන් නම් නොවේ.

සිය ඉදිකිරීම් කටයුතු හොදින් බැරිනම් නරකින් නිම කර ගැනීමට කොන්ත්‍රාත්කරුවන් තීරණය කරන්නේ ඇවිටිලි කර බැරිම තැනය.ප්‍රදේශයේ ගලා බසිනා ගංගාවක   ගමන් මාර්ගය වෙනස් කර ‘‘කැරලිකරුවන්ගේ‘‘  නිවාස වටකරමින් ගලා යාමට සලස්වන්නේ දැන්වත් මොවුන් සටන අත්හරී යැයි සිතා ගෙනය.

කොන්ත්‍රාත්කරුවන් කුමන ක්‍රියාමාර්ගයක් ගත්තද තමන්ගේ තීරණය නම් වෙනස් නොකරන බව මේ වැසියෝ පවසති.නිවාස වටකරමින් ‘‘ගගක්‘‘ ගලා ගියද ගගට උඩින් පාලම් දැමිීමට තමන්ට හැකි බව ඔවුන් කියා සිටී.තමන් එළැවීමේ අරමුණින් කොන්ත්‍රාත්කරුවන් සිය නිවෙස් වලට සැපයෙන විදුලි බලය නළ ජලය ආදී පහසුකම් කප්පාදු කළ බව පවසන ඔවුන් තමනට සතුටුදායක වන්දියක් ප්‍රදානය කිරීමට කොන්ත්‍රාත්කරුවන් කටයුතු කරන තෙක් සටන අත්නොහරින බව කියයි.



අදහස් (0)

‘වන්දි නැත්තම් ගග හරවයි.‘

ෂිරාස් Wednesday, 13 February 2013 02:08 PM

"මාලා" ඔයා පොඩි මිනිහගේ බඩට ගහන්නේ නැතුව වැඩක් බලාගන්න. (ස)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 03:32 PM

ෂිරාස්ට කේන්තියි වගේ,පදික වෙළෙදුන් එලවනවා කීවාම.නගරයක දියුණුව සහ පවිත්‍රතාවයට එවැනි පියවර ගතයුතුයි.(ස)

:       0       0

ශාරුක් Wednesday, 13 February 2013 04:24 PM

අන්න හරි (දී)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 05:03 PM

අහවල් වන්දි ගෙවීමක්ද? චීන්නු කොච්චර ලංකාවේ ඉදිකිරීම් කලත් වැඩක් නැහැ. ඔය කොන්ත්‍රාත්තුව අපේ යූ.ඩී.ඒ එකට දුන්නා නම් බැකෝවලින් සමතලාකරලා වැඩෙත් ඉවරකරලා මෙලහකට. (නදී)

:       0       0

දිසා Friday, 15 February 2013 07:48 AM

චීනා මේ ක්‍රමය ලංකාවට කියලා දීලා හමාරයි. (නි)

:       0       0

රෑමි Thursday, 14 February 2013 10:30 AM

එතකොට මේක පිටකොටුවේ ප්‍රශ්නයක්ද චීනයේ ප්‍රශ්නයක්ද ?(ස)

:       0       0

සුදේස් Wednesday, 13 February 2013 06:10 PM

මන් මලාට මනාපයි.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 13 February 2013 07:20 PM

සිල්වා, එහෙම කථා කරන්න ඒපා. සුභවාදී ආකල්පයන් තුලින් දුප්පත් මනුෂ්‍යයා දිහා බලන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

තිලින Thursday, 14 February 2013 03:45 PM

වටකරලා ගහනවා කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

සෑම් Thursday, 14 February 2013 12:02 PM

කොළඹ පිටකොටුව අවට ඉන්නේ කාක්කෝමයි. ඒමදිවට පාරක මිනිහෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මිනිස්සුත් අපිරිසිදුයි. එයාලගේ කඩත් අපිරිසිදුයි. බලධාරීන් ඉතා ඉක්මනින් කටයුතු කළයුතුයි. (නි)

:       0       0

මාලා Wednesday, 13 February 2013 01:54 PM

අපිත් පිට කොටුවට කැළණි ඟග හරවලා හෝ පදික වෙළඳුන් එලවා දමමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site