IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


විදෙස් සංචාර අවසන්: මෝදි ආපසු ඉන්දියාවේ

සය දින විදෙස් නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළි ඉන්දියාව බලා පැමිණියේය.

නවදිල්ලි අගනුවර අභිනවයෙන් ඉදිවුණු ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීම මෝදි අතින් සිදුවීමට නියමිත අතර, ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් එම උත්සවය වර්ජනය නිරීමට තීරණය කර තිබේ.

මෙය අග්‍රාමාත්‍ය මෝදිගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය සිකුරාදා ඉන්දියාවෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 23 වැනිදා ඕස්ටේ්‍රලියාවට පැමිණියේය. ඒ, ජපානයේ සහ පැපුවා නිව්ගිනියාවේ සංචාරය කිරීමෙන් පසුවය.
අග්‍රාමාත්‍ය මෝදි ජපානයේ හිරෝෂියා නගරයට ගියේ ජී7 සමුළුවට ආරාධිත රාජ්‍ය නායකයකු ලෙස සහභාගී වීමටය. හිරෝෂිමා නුවර පැවැති ‘ජී7’ සමුළුවේදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනෙක් රටවල් සමඟ සාමය, ස්ථාවරත්වය, සහ සෞභාග්‍ය සම්බන්ධයෙන් මෙන්ම ආහාර, පොහොර, බලශක්තිය, දේශගුණික විපර්යාස සහ පරිසරය සහ සංවර්ධනය සහයෝගීතාව සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඉන් අනතුරුව පැපුවා නිව්ගිනියාවට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පැපුවා නිව්ගිනියාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය. පැපුවා නිව් ගිනියාවේ පැවැති ඉන්දු-ශාන්තිකර දූපත් සහයෝගීතාව සමුළු සම්මේලනයේ සම සභාපතීත්වය හෙබවූයේ ද මෝදිය.

පැපුවා නිව්ගිනියා සංචාර අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවර බලා පැමිණියේය. ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගෙන් මෝදි හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

විදෙස් සංචාර අවසන්: මෝදි ආපසු ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18075 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 16771 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10823 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 476 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 145 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 817 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site