උතුරු ඉන්දියාවේ ඉකුත් දින දෙක තුළ සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. එම හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැති අතර ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැත. උතුරු ඉන්දියාවේ ප්‍රාන්තවලට විදුලි බලය සැපැයෙන විදුලි බලාගාර පද්ධතිය හදිසියේම අකි‍්‍රය වීමෙන් මෙසේ විදුලිය බිඳ වැටුණේ යැයි විදුලි බලාගාරයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඞී.කේ. ජාලින් පවසා ඇත. නවදිල්ලිය, හර්යානා, හිමාචල්, ජම්මු/කාශ්මීර්, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, උත්තරන්චාල් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවලට පළමු දිනයේදීත් බිහාර්, ජාර්කන්ඞ්,ඔරිස්සා, බටහිර බෙංගාල, ඇසෑම්, අරුණාචල් ප්‍රදේශ් යන ඊසානදිග ඉන්දියාවේ පිහිටි ප්‍රාන්තවලට දෙවැනි දිනයේදීත් විදුලි බලය අහිමි වූ අතර උමං දුම්රිය මාර්ග ඇතුළු ප්‍රවාහන කටයුතු රැසක් අඩපණ විය. විදුලිය පළමු වරට බිඳ වැටුණේ පසුගිය 30 වැනිදා අලූයම 2.40 ට ය. මිලියන 600ක ඉන්දියානුවන් අඳුරේ හෙළමින් දෙවතාවක් බිඳ වැටුණු උතුරු ඉන්දියාවේ විදුලිබල සැපයුම ඊයේ(1) වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලිබල මෙහෙයුම් මූලස්ථාන ප්‍රධානී එස්. කේ සූනි ප්‍රකාශ කළේය. ඉන්දීය ඉතිහාසයේ සිදුවුණු මහා පරිමාණයේ විදුලිය බිඳ වැටීම මෙය යැයි වාර්තා වේ. දූෂණ වංචා හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත් ව සිටින ඉන්දීය රජයට මෙම විදුලි අර්බුදය හේතුවෙන් තවත් කලූ පැල්ලමක් එක් වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදුලිය බිඳවැටුණාට ඉන්දීය රජයට දොස්
සජීව Thursday, 02 August 2012 03:46 PM
ඉතිං අපට මොකද?(නු)