දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරමින් ලොව පුරා ජාතීන් 153 කට අයත් විද්‍යාඥයින් 11000 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශනයකට අත්සත් තබා ඇත.
බොහෝ විද්‍යාඥයින් අපේක්ෂා කරනවාට වඩා වේගයෙන් දේශගුණ අර්බුදයක් පැමිණ ඇතැයි බයෝසයන්ස් නමැති සඟරාවෙන් එය ප්‍රකාශයට පත්කරමින් ඔවුන් පෙන්වා දී තිබේ.
ඕනෑම විනාශකාරී තර්ජනයක් සම්බන්ධයෙන් මානව වර්ගයාට පැහැදිලිව අනතුරු ඇඟවීමට විද්‍යාඥයින්ට සදාචාරාත්මක බැඳීමක් ඇතැයි එම ප්‍රකාශනයේ දැක්වේ.
මේ සඳහා අනුගමනය කළ යුතු කඩිනම් ක්‍රියාමාර්ග ලෙස ජනගහන වර්ධනය අවසන් කිරීම, පොසිල ඉන්ධන භූගතව තිබීමට අවස්ථාව සැලසීම, වන විනාශය නැවැත්වීම සහ මාංශ අනුභවය වැළැක්වීම යන කරුණු විද්‍යාඥයෝ සඳහන් කරති.
1979 ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වූ පළමු ලෝක දේශගුණ සමුළුවේ 40 වැනි සංවත්සරයට සමගාමීව මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.
-226-
(ද ගාඩියන් ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2410
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විද්‍යාඥයින් 11000 ක් දේශගුණ වෙනස්වීම් පිළිබඳ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරති