IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැඩි වාසි ඔබාමාට

තව දින දෙකකින් (6) පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ කිරුළ හිමි කර ගැනීමට ප්‍රධාන අපේකAෂකයින් දෙපළ අතර ඇත්තේ තියුණු තරගයකි. නව ජනමත විමසුම අනුව දැනට ඩිමෝක්‍රටික් පක්ෂ අපේක්ෂක හා ජනපති බරක් ඔබාමා ඉදිරියෙන් සිටී. කෙසේ වුවද ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මිට් රොම්නි පසුපසින් සිටින්නේ ඉතා සුළු ප්‍රතිශතයකිනි. වෙනසකින්ය.මේ නිසා ජනාධිපතිවරණයේ ජය කාටද යන්න තවමත් තීරණය කළ නොහැකි බව දේශපාලන විචාරකයෝ කියති. මිට් රොම්නිට ජනාධිපතිවරණය ජය ගැනීමට ඉතා හොද අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ මතයයි. රොම්නි හා බරක් ඔබාමා අතර පසුගිය කාලයේ මුහුණට මුහුණලා පැවැති වාද විවාදවලදී ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියාගේ ප්‍රකාශ හමුවේ අසරණ වන ආකාරය දැක ගත හැකි විය.අනෙක් අතට බරක් ඔබාමාගේ ජනාධිපතිවරණ තේමාව වන ‘‘ඉදිරියට‘‘ යන්නට වඩා මිට් රොම්නිගේ ‘‘සැබෑ වෙනසක් කරා‘‘ යන්න කෙරෙහි ඇමරිකානුවන් විශ්වාසය තබා කටයුතු කරන සෙයක් දැන් දැන් පෙනේ. වැටී තිබුණු සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නැගෙනහිර ඇමෙරිකාව මහත් හානියක් සිදු කරමින් හමා ගිය ‘‘සැන්ඩි‘‘ චණ්ඩ මාරුතය බරක් ඔබාමා වෙත ගෙන ආවේ මහගු අවස්ථාවකි.ජනාධිපතිවරණ උමතුව පසෙක තබා සැබෑ නායකයෙකු ලෙස ඔහු කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතුවිය. ඇමරිකා ජනතාව ආදරය කරනා සුපිරි ගායන තරු වන ස්ටීවි වොන්ඩර්, ජේ.සී වැන්නන්ද ඔබාමාට ප්‍රසිද්ධියේ සහය පළකිරීමද ඔහුගේ වාසියට හේතුවකි. මිට් රොම්නි මාධ්‍ය සංදර්ශන නොපැවැත්වූ අතර සුපිිරි තරුද ඔහු පසුපස නැත.එහෙත් ඔහුගේ වාග් විලාශය හා ඇමරිකාවේ සැබෑ තත්ත්වය ඇති සැටියෙන් පෙන්වා එයින් මිදීමට ඉදිරිපත් කර ඇති සැලැස්ම බහුතර ඇමරිකානු ජනයා පිළිගන්නා සෙයක් මේ නවතම ජනමත විචාරණයෙන් පෙනේ. ලෝක බලවතාගේ මුල් පුටුවට පත්වන්නේ කවුරුන්ද යන්න එළැඹෙන දින කිහියපයේදී දැනගතහැකි වනු ඇත. (කෝ වි ගු)



අදහස් (0)

වැඩි වාසි ඔබාමාට

හසිත් Tuesday, 06 November 2012 11:43 AM

තුවාන් , කොලොම්බස් ගියේ සී ප්ලේන් වලින්ද (ස)

:       0       0

මුතු Sunday, 04 November 2012 08:00 PM

ඕකේ ඉතින් අහන්න දෙයක්යෑ ඉන්න නායකයාම දිනනවා. ඕක තමයි ලෝක ප්‍රතිපත්තිය. ඕකට මහජන ඡන්දයක් අවශ්‍යයයැ. (ස)

:       0       0

බණ්ඩාර Monday, 05 November 2012 05:58 PM

ඔබාමාට ජය ‍වේවා! (නි)

:       0       0

මධූ Tuesday, 06 November 2012 01:55 AM

ඔබාමා කොහොම හරි මේ සැරෙත් ඒවි.. (ස)

:       0       0

ගයාන් Sunday, 04 November 2012 09:57 PM

නියත ලෙසම ඔබයි නැවතත් පත්වන්නේ. (නි)

:       0       0

ටුආන් Tuesday, 06 November 2012 06:25 AM

අසිත , ප්ලේන් එකෙන්ද? (නි)

:       0       0

මධූ Tuesday, 06 November 2012 02:03 PM

හි‍ටපු ජනාධිපති ජෝජ් බුෂ් ආවනම් තමයි වඩාත් හොඳ (ස)

:       0       0

නාරද Wednesday, 07 November 2012 02:45 AM

ඔබාමා දිනනවා

:       0       0

චින්තක Tuesday, 06 November 2012 11:07 AM

කවුරු දිනුවත් එකයි. ඇමරිකාව ඇමරිකාවමයි. (නි)

:       0       0

අසිත Sunday, 04 November 2012 04:15 PM

ඇමෙරිකාවද බුදුන් වැඩිය දේශයකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site