
ජීවන වියදමට සමගාමීව, වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වෙයි.
ප්‍රවාහන සේවකයන්, උසස් පාසල් ආචාර්යවරුන්, රජයේ රෝහල් සේවකයන් වැඩ වර්ජන සහ විරෝධතාවලට එක් වීමිටින බැවින් ප්‍රංශයේ පැරිස් අගනුවර ද ඇතුළු ප්‍රධාන නගර රැසක දෛනික කටයුතු අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රංශයේ උද්ධමනය සියයට 6.2 කින් ඉහළ ගොස් ඇත. ප්‍රංශයේ උද්ධමනය මෙසේ ඉහළ ගියේ දශක ගණනාවකට පසුව යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ප්‍රංශයේ ද උද්ධමනය ඉහළ යෑමට හේතුවක් වූයේ ‘කොවිඩ් 19’ වසංගතයයි.
ඊට අමතරව, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, රටේ ඉන්ධන මිල සහ ආහාර මිල ඉහළ ගොස් තිබේ. විරෝධතා සහ වැඩ වර්ජනවලට ඉන්ධන පිරවුම්හල් සේවකයන් සහ තෙල් පිරිහදු සේවකයන් ද එක් වී සිටින බැවින්, ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දකින්න ලැබේ.
ප්‍රංශයේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති සියල්ල විරෝධතා සහ වැඩවර්ජන සඳහා එක් වී සිටින බව පැවැසෙයි. පසුගිය දින කීපයේ ප්‍රංශයේ නන්දෙසින් විරෝධතා පා ගමන් ආරම්භ විය.
මේ වනවිට විරෝධතාකරුවන් සියලු දෙනා පැරිස් අගනුවරට රැස්වී සිටින්නේ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ රජයට විරෝධය පළ කරමිනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා විරෝධතා