
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් වෙරළේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි
සිඩ්නි අගනුවර අයත් නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසිය පවසා ඇත්තේ පොලිස් මෙහෙයුම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර එම ප්‍රදේශයට යාමෙන් වැළකී සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙසය.
මෙම වෙඩි තැබීම 'ත්‍රස්තවාදී සිද්ධියක්' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. සිඩ්නි නුවර යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදුවිය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරයෙන් එක් වෙඩික්කරුවකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
තුවාල ලැබූ 29 දෙනෙක් රෝහල් ගත කර ඇති බවත්, ඔවුන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වන බවත් පැවැසෙයි.
බොන්ඩිබීව් වෙරළේ යුදෙව්වන්ගේ හනුක්කා සැමරුම් උත්සවයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුවිය. වෙඩික්කරුවන්ට අයත් මෝටර් රථයකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැනියොන් මාධ්‍ය හමුවේ පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි තැබූ සැකකරුවන් අල්ලයි