දරුවන් වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීමට හේතුවන නව ජානයක් සොයාගැනීමට නෙදර්ලන්තයේ ඇමර්ස්ටඩෑම් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත් වූහ.
ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩා හා රූපවාහිනි වැඩසටහන් නරඹන දරුවන්ගේ සිරුරුවල මෙම ජානය ඇතැයි එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.
මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පැවසුවේ මෙ මඟින් දරුවන් ඒ. ඩී.එච්.ඩී. හෙවත් අවධානය අඩු අසාමාන්‍ය ක්‍රියාශීලි රෝගී තත්ත්වයට ගොදුරු වියහැකි බවයි.
නෙදර්ලන්ත වැසියන් 1600 දෙනකුගේ අවුරුදු පහත් නමයත් අතර වයසැති දරුවන් මෙම පර්යේෂණයට යොදාගෙන ඇත.
මෙහිදි පර්යේෂණයට සම්බන්ධ වූ දරුවන්ගේ ජානවල ඩී.එන්.ඒ පරීක්ෂාවක්ද සිදුකර ඇත.
මෙම පර්යේෂණය කළ විද්‍යාඥයන් පවසන්නේ මෙම ජානය ඇති දරුවන් ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩා හා රූපවාහිනි වැඩසටහන් වලට වැඩි ඇල්මක් දක්වන බවයි.මීට පෙර පර්යේෂණයකින් අනාවරණය කර තිබුනේ මාපියන් නරඹන රූපවාහිනි වැඩසටහන්වලින් දරුවන්ට බලපෑමක් කරන බවයි.
දරුවන් නරඹන රූපවාහිනි වැඩසටහන් වලට ජානමය බලපෑමක් කරන බව සොයාගත්තේ පළමුවරටය.
අවධානය අඩු අසාමාන්‍ය කි්‍රයාශීලි රෝගී තත්ත්වය ඇති දරුවන් අධ්‍යාපන කටයුතු වලදි අපහසුතාවයට පත්වන බවත් අපයෝජනවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති බවත් විද්‍යාඥයෝ පවසති.
එසේම කරන ලද තවත් පර්යේෂණ කිහිපයකින් අනාවරණය වී ඇත්තේ වීඩියෝ කී්‍රඩා වල යෙදෙන දරුවන්ගේ අවධානය අඩු බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
564
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීඩියෝ ඇබ්බැහියට හේතුව ජානයක්ලු
කුමාර Thursday, 27 February 2014 10:58 AM
වීඩියෝ නැති කාලේ මොනවද කළේ? (අ)