IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වග අසපුවේ හිමිට ව්‍යාඝ්‍ර ප්‍රහාරයක්

තායිලන්තේ ප‍්‍රකට වට් පා ලූඅන්ග් ටා බුආ නැතහොත් ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමයේ විසූ හිමිනමක එම ආශ‍්‍රමයේ සිටි ව්‍යාඝ‍්‍රයෙකුගේ පහර කෑමට ලක්ව රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ආශ‍්‍රමය අවට ව්‍යාඝ‍්‍රයින් 150 දෙනෙකු පමණ ගැවසෙන අතර එය ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමය ලෙස හැදින්වීමට හේතුවද එයයි.

පහරකෑමට ලක්ව තිබෙන හිමිනමගේ මුහුණ ව්‍යාඝ‍්‍රයාගේ නියපදුරකට හසුව ඉරී ගොස් තිබෙන බව සදහන්වේ.බිම පතිත වීම නිසා එම හිමිනමගේ අතක් බිදී ගොස්ද ඇත.

රෝහල් ආරංචි මාර්ග වලට අනුව මෙය හදිසි අනතුරක් මිස ව්‍යාඝ‍්‍රයා එල්ල කළ ප‍්‍රහාරයක් නොවේ.හිමිනමට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇති පරිදි මෙය සිදුව ඇත්තේ ව්‍යාඝ‍්‍රයාගේ නියපදුරක් නොසිතූ මොහොතක හිමිනමගේ මුහුුණේ පැටලීමෙනි.

ව්‍යාඝ‍්‍ර ආශ‍්‍රමය තායිලන්තයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති ස්ථානයක් වන අතර ව්‍යාඝ‍්‍රයින් සමග සුරතල් වන හිමිවරුන් දැකීමට,ව්‍යාඝ‍්‍රයෙකු හා එකට හිද ඡුායාරූපයකට පෙනී සිටීමට සංචාරකයින් මෙහි ඇදී එන්නේ දහස්ගණනින්ය.

කොයිමොහොතේ හෝ අනතුරක් සිදුවීමේ ඉඩ ඇති නිසා සතුන් හා ගැවසීම අඩු කරන්නැයි තායිලන්ත වනජීවී බළධාරීන් මෙහි වෙසෙන හිමිවරුන්ට දැනුම්දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපදින අයුරක් පෙනෙන්නට නැත.

29118D5B00000578-0-image-a-23_1432587905670[1] 29118D5300000578-0-image-a-27_1432587932900[1] 29118D5700000578-0-image-m-32_1432588242689[1]



අදහස් (0)

වග අසපුවේ හිමිට ව්‍යාඝ්‍ර ප්‍රහාරයක්

නිහාල් Wednesday, 27 May 2015 08:45 PM

හොදින් වැඩුණු මේ කොටියෙක් කිලෝ 300 ක් බරයි.සිංහයාට මෙම කොටියා සටන් කර ජය ගත නොහැකිය (නදී)

:       0       0

සමන් Tuesday, 26 May 2015 09:51 AM

තිරිසන්නු තේරුම් ගන්න පුලුවන්ද මිනිස්සු තේරුම් ගන්නත් බැරි කොට (ම)

:       0       0

බටු ගෙදර Tuesday, 26 May 2015 10:24 AM

තිරිසන් ගතිගුණය කාටවත් වෙනස් කරන්න බැහැ ඉතුරු කට්ටියත් පරිස්සමෙන් (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:42 PM

අද මිනිස් සමාජය දිහා බැලුවහම මේ වනසතුන් ඇත්තටම හොඳයි නේද? (නි)

:       0       0

නදුන් Wednesday, 27 May 2015 12:24 PM

හිමිවරුන්ට සතුන් සමඟ මෙසේ සුරතල් වෙන්න කියලා නම් ධර්මයේ නැහැ. සතුන් සමඟ බැඳීම් ඇති කරගෙන කෙසේ නම් නිවන් ම‍ඟෙහි යන්නද? (නි)

:       0       0

බටු ගෙදර Wednesday, 27 May 2015 01:22 PM

තිරිසන්නු ජප කරන මන්තර කාළඟවත් නැහැ මේවා අවදානම් වැඩ (අ)

:       0       0

ජයරත්න Tuesday, 26 May 2015 08:56 PM

මිනිහා තිරිසනාට වඩා දරුණුයි. නිකරුනේ සත්තු මරන්නේ මිනිහා. සත්තු කවදාවත් නිකරුනේ තවත් සතෙක් මරන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site