IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වගාවටත් එල්.ඊ.ඩී. එයි

එල්.ඊ.ඩී. ආලෝකයෙන් දිවා රාත්‍රී කාලය කෘතිමව නිර්මාණය කරමින් වගාකටයුතු සිදුකරන ගොවි බිමක් නැගෙනහිර ජපානයේ කෘෂිකර්ම උපාධිධාරියකු විසින් සාදා ඇත. කෘෂිකර්ම පර්යේෂකයන් පවසන්නේ මේ ක්‍රමයෙන් සාමාන්‍ය වගාවෙන් ලබා ගන්නවාට වඩා 2.5 ක ගුණයක් වේගයෙන් අස්වැන්න ලබාගත හැකි බවයි.

වර්ග අඩි 25,000ක පමණ වපසරියක් ලබාගත හැකි පරිදි රාක්ක 18ක සලාද ගස් 10,000 ක් සිටුවා ඇත. මේ රාක්ක 18 සඳහා එල්.ඊ.ඩී. බල්බ 17,500 ක් ද යොදා තිබේ. දම්පාට කෘතිම ආලෝකයක් ලැබෙන්නට සලස්වා රාත්‍රී කාලයේ ඇති පරිසරය ලබාදෙන අතර ක්‍රමයෙන් සුදු පැහැති බල්බ දල්වමින් එය දිවා කාලයට පරිවර්ථනය කරනු ලබයි.

දිගටම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳ දත්ත ලබාගැනීම ද සිදුකරයි. උෂ්ණත්වය, තෙතමනය හා ජල සැපයුම් ක්‍රියාවලිය ද සම්පූර්ණයෙන්  ම පාලනය කරනු ලබයි.

ගොවිපොළ සෑදූ ෂිගෙහාරා ෂිමනුරා පවසන්නේ තමන් ගැටවර වියේ දී 1985   ලෝක කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් නැරඹීමෙන් පසු කෘතිම ගොවිපොළක් නිපදවීමට ඉටාගත් බවයි. පසුව 2004 වර්ෂයේ දී ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් කෘෂිකර්ම උපාධිය ඔහුගේ මේ කාර්යයට වඩාත් පහසුවක් වී ඇත.



අදහස් (0)

වගාවටත් එල්.ඊ.ඩී. එයි

ගාමිණී - සිරි Sunday, 13 July 2014 05:09 PM

කෘතීම ආලෝකය භාවිතා කලත් ,කෘතීම පොහොර නම් කිසිම ජපන් ගොවියෙක් භාවිතා කරන්නේ නැත. ඔවුන් වැඩි ආයු කාලයක් ජීවත් වෙමේ රහස එයයි. (ස)

:       0       0

ශීලා Tuesday, 15 July 2014 03:01 AM

මොනතරම් අගනේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 350 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site