රුසියන් රජයට සහ හමුදාවට විරුද්ධ වෙමින්, කැරැල්ලක් මෙහෙයවූ එරට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියට නව නායකයකු පත් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වෙයි.
ඒ, ‘වැග්නර්’ බලඇණිය ට නායකත්වය දුන් යෙගෝව්නී ප්‍රිස්ගෝසින් වෙනුවටය.
පසුගිය ජූනි මාසයේ ප්‍රිස්ගෝසින්ගේ මෙහෙයවීමෙන් සිදුවුණු කැරැල්ල පැය 24 කට පමණක් සීමා විය. ප්‍රිස්ගෝසින්ගේ කැරැල්ල මෙහෙයවූයේ ‘වැග්නර්’ සාමාජිකයන්ට සිදුවුණු අසාධාරණකම්වලට එරෙහිවය.
‘වැග්නර්’ රුසියානු හමුදාවේ අතිරේක හමුදා බලඇණියකි. එහි නව නායකයා ලෙස පුටින් පත් කිරීමට සූදානමින් සිටින්නේ ඇන්ද්‍රේයි ට්‍රොෂේව්ය. මොහු රුසියන් වැසියන්ගේ ආදරය සහ ගෞරවය දිනූ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකි. ‘රුසියාවේ වීරයා’ යන සම්මානයෙන් ද පිදුම් ලැබූ අයෙකි.
‘වැග්නර්’ කුලී හේවා බලඇණිය ස්ථාපිත කිරීමේ දී එහි ආරම්භක සාමාජිකයකු වූයේ ද මොහුය. ඇන්ද්‍රේයි ට්‍රොෂේව් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වුණු බව ද රුසියන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘වැග්නර්’ කුලී හේවායන්ට අලුත් ලොක්කෙක්