IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විකිලීක්ස් වෙබ් අඩවියට තවත් චෝදනාවක්

ඇමරිකාවේ මධ්‍යම ඔත්තු සංවිධානයේ (සීඅයිඒ) අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ගේ පෞද්ගලික ඊමේල් ගිණුමේ ඇතැම් තොරතුරු පිට කිරීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ විකිලීක්සි වෙබ් අඩවියට චෝදනා එල්ලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

විකිලීක්ස් වෙබ් අඩවියේ දළ ආරක්ෂක සැලසුම් අනුමැතියේ අයදුම්පතක් ඇතුළු පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොනු පළ කර තිබීම ඊට හේතුවයි.

සීඅයිඒ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රෙනන්ගේ පවුලේ ගිණුම් ද්වේෂ සහගත චේතනාවෙන් හැක් කර (අනවසරයෙන් පරිගණකයට ඇතුළුවී දත්ත සොරකම් කර) ඇති බවයි.

ඇමරිකාවේ උසස් පාසලක සිසුවකු මේ සම්බන්ධයෙන් වගකීම් සහගතව නිව්යෝක් පෝස්ට් පුවත්පතට පවසා ඇත්තේ ඔහුට එම ලිපිගොනු හමුවූ බවයි. පුවත්පත සඳහන් කරන්නේ එම සිසුවා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කෝපයෙන් කථා කළ බවයි.

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට පසුගිය කාලයේ රහස් තොරතුරු පිටකිරීම සම්බන්ධයෙන් නීතියෙන් දඬුවම් විඳීමට පවා සිදුවූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 



අදහස් (0)

විකිලීක්ස් වෙබ් අඩවියට තවත් චෝදනාවක්

කාලිඩ් Friday, 23 October 2015 02:50 AM

නාමල්, කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න. (නි)

:       0       0

නාමල් Thursday, 22 October 2015 04:50 PM

විකිලීක්ස් කියන්නේ මොනවගේ වෙබ් අඩවියක්ද කියලා අපි නම් දන්නවා සමහර මිනිස්සු නොදන්නවා වුණාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site