IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විකිලීක්ස් නිර්මාතෘට එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමි වන ලකුණු

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට දකුණු ඇමෙරිකා රටක් වන එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇසෙන්ජ් වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතීඥ ජෙනිෆර් රොබින්සන් පවසයි. ඇසෙන්ජ් එක්වදෝරයේ ආරක්ෂාව ඉල්ලා සිටියේ ඔහු ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් පසුගිය දා තීරණය කිරීමත් සමඟය. ඇසෙන්ජ් මේ වනවිට රැඳී සිටින්නේ ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේය. ඔහු එයින් පිටතට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගෙන ස්වීඩනයට පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටී. ඇසෙන්ජ්, මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයේ ජීවත් වෙද්දී එරට ස්වීඩන කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය. එම නඩුවිභාගයට පෙනී සිටීම සඳහා ඇසේනජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළේ මීට සති කීපයකට පෙරය. එම නඩු තීන්දුවට එරෙහි අභියාචනා ඉදිරිපත් කළත් ඒවා අසාර්ථක විය. ඇසෙන්ජ් පවසන්නේ එය ව්‍යාජ නඩු විභාගයක් බවත් තමා ස්වීඩනයට පිටුවහල් කිරීම මගින් ඇමෙරිකාව තමන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට  කුමන්ත‍්‍රණය කරන බවත්ය. ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු වන ඇසෙන්ජ් ඇමෙරිකාවේ උදසහට ලක් වී සිටින්නේ ඇමෙරිකා රාජ්‍ය සහ යුද රහස් විකිලීක්ස් හරහා ලොවට හෙළි කිරීම හේතුවෙනි. ඇසෙන්ජ් පිටතට පැමිණෙන තෙක් දෙස් විදෙස් මාධ්‍යවේදීහු ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටින අයුරු



අදහස් (0)

විකිලීක්ස් නිර්මාතෘට එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමි වන ලකුණු

සමන්ති Saturday, 23 June 2012 01:33 PM

ඔව් සහෝදරයා .. ඔහු ගොඩක් බුද්ධිමත් වීරයෙක් . සුභ පැතුම්

:       0       0

මධු Friday, 22 June 2012 09:40 PM

ඔබ වීරයක්! ජය වේවා ! නොදන්නා ගොඩාක් දේවල් අපි දැනගත්ත .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site