IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


විකෘතිය එන්නත් කාර්යක්ෂමතාව අඩු කරනවා

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට ඊට හැකියාව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ වනවිට රටවල් බොහොමයක් තෙවැනි එන්නත් මාත්‍රාව එසේත් නැතිනම් බූස්ටර් එන්නත ලෙස 'ෆයිසර්' එන්නත ලබා දීම සිදු කරන්නේ ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාවලින් 'ඔමික්‍රෝන්' අඩපණ කළ නොහැකි නිසා යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

එසේ වුවත්, තවමත් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නොලැබුණු පිරිස් ලොව සිටින බවත්, තෙවැනි මාත්‍රාවට කලින් එම පුද්ගලයන්ට පළමු සහ දෙවැනි එන්නත් ලබා දීම කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සිහිපත් කළේය.

'ඔමික්‍රෝන් විකෘතියේ සැබෑ ස්වරූපය පිළිබඳ සවිස්තරාත්මකව දැන් අපට දත්ත ලැබෙමින් පවතිනවා. මුලින් අප අනුමාන කළ අන්දමට ඔමික්‍රෝන් බරපතල නැහැ. ඒත් එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙනවා. පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රාවලින් ලැබෙන ප්‍රතිශක්තිය ඔමික්‍රෝන් අඩපණ කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒත් පළමු සහ දෙවැනි එන්නත් ලබා ගැනීමෙන් කිසියම් හෝ ප්‍රතිශක්තියක් ඔමික්‍රෝන් විකෘතියට එරෙහිව ලැබෙනවා. ඒක සහතිකයි. ඒ නිසා එන්නත් ගැන විශ්වාසය තැබීම ඉතාම වැදගත්' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදු කළේ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. මේ වනවිට 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අධ්‍යයන වාර්තා ලැබෙන්නේ ද දකුණු අප්‍රිකාවේ විශේෂඥයන්ගෙනි. පසුගිය දෙසැම්බර් 9 වැනිදා වනවිට රටවල් 63 කින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා විය. 'ඔමික්‍රෝන්' විකෘතිය දරුණු සංකූලතා ඇති නොකරන බැවින්, දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවලට පනවා තිබුණු තහංචි ඉවත් කිරීමට රටවල් බොහොමයක් කටයුතු කර තිබේ. පළමුවෙන් එසේ කළේ ඇමෙරිකාවය.

(රොයිටර්)



අදහස් (1)

විකෘතිය එන්නත් කාර්යක්ෂමතාව අඩු කරනවා

Sriland Monday, 13 December 2021 12:19 PM

ගොනා හැරෙනකොට අපි දන්නවා ඔය හදන්නේ ලබන අවුරුද්දෙත් එන්නත් සෙට් එකක් හදලා සල්ලි හම්බ කරන්න. මේක තමයි අලුත්ම ව්‍යාපාරය බලවත් රටවල් ගොඩයන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site