ලාහෝර්හිදීය (ඒ.එෆ්.පී)
පාකිස්තාන තලේබාන් සංවිධානයේ කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන්ගේ අවසන් කටයුතු අද (8) පස්වරුවේ සිදු කෙරුණි.
පාකිස්තානයේ පැරැණිතම සහ ජනප්‍රියතම සුෆි මුස්ලිම් පල්ලිය වන ‘දාත් දාර්බාර්’ පල්ලියේ පිවිසුම ඉදිරියේ සිදු වූ මෙම පිපිරීමෙන් දස දෙනකු මියගොස් 24 දෙනෙක් තුවාල ලැබූහ.
පාකිස්තානය රාමදාන් උපවාස සමය ආරම්භ කර දිනක් ගතවෙද්දි මෙම ප්‍රහාරය එල්ල විය.

පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ආරක්ෂකයන් දෙදෙනෙක් සහ කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පස් දෙනෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
පාකිස්තානය තුළ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයේ කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඔවුන් ඊමේල් පණිවුඩයක් යොමු කරමින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
පාකිස්තානයේ ලාහෝර් නගරයේ නැගෙනහිර පිහිටි මෙම පල්ලිය 11 වැනි සියවසට අයත් එකකි. මෙම පල්ලිය දකුණු ආසියාවේ විශාලතම සුෆි මුස්ලිම් පල්ලියක් යැයි ද පැවසේ.
පිපිරීම සිදුව ඇත්තේ දේවස්ථානයේ කාන්තා පිවිසුම ආසන්නයේදී වන අතර පිපිරීමේ ස්වභාවය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය. පිපිරීමෙන් පදික වේදිකාව ආසන්න නවතා තිබූ වාහන රැසකට හානි සිදු විය.

පිපිරීම සිදු වූ සැණින් ආරක්ෂක අංශ සහ වෛද්‍ය ප්‍රතිකාර අංශ එම ස්ථානයට පැමිණියහ. පිපිරීමෙන් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට ද බලධාරීහු පියවර ගත්හ.
සුෆී මුස්ලිම්වරුන්ගේ විචිත්‍රවත් උත්සවක් රැසක් මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මෙම පල්ලිය පාකිස්තානයේ මුස්ලිම් කොටස් රැසකගේ ප්‍රමුඛතම සංචාරක ස්ථානයක් ද වේ. මේ හේතුවෙන් පල්ලිය සටන්කාමීන්ගේ පහසු ඉලක්කයක් බවට පත්ව ඇත.
මීට පෙර ද 2010 වසරේදී මෙම පල්ලියට මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
එම ප්‍රහාරයෙන් පසු පල්ලිය අවට ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර බැතිමතුන් හා සංචාරකයන්ට පල්ලියට ඇතුළු වීමට සිදුවූයේ මුර කපොළු සහ පරීක්ෂා කිරීම් කිහිපයකින් පසුවය.

සුෆී බැතිමත්හු ඉස්ලාම් දහමේ ගුප්ත ආගමික විශ්වාසයක් අදහති. ඔවුහු පාකිස්තානයේ දී නිරන්තරයෙන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ මිලේච්ඡ ප්‍රහාරවලට ගොදරු වූහ. ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානයේ සටන්කාමීහු සුෆී මුස්ලිම්වරුන්ගේ විශ්වාස සහ පිළිවෙත් මුස්ලිම් දහමට පටහැණි යැයි පවසමින් සුෆී මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරති.
පාකිස්තානය 2014 වසරේදී පෙෂාවෝර්හි පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අන්තවාදීන්ට එරෙහිව කරන මෙහෙයුම් වැඩි කළේය. පෙෂාවෝර්හි පාසලකට 2014 වසරේදී එල්ල වූ එම ප්‍රහාරයෙන් 150කට වැඩි පිරිසක් මියගිය අතර ඔවුන්ගෙන් වැඩිදෙනා පාසල් දරුවෝ වූහ.
එම ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ක්‍රමයෙන් වැඩි වුවත් සටන්කාමීහු දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ.
055
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාහෝර් ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීහු අවසන් ගමන් යති