IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලොව හොඳම ගුවන් සේවය කැතේ පැසිෆික්

ලොව හොඳම ගුවන් සේවය ලෙස මෙවර තේරී ඇත්තේ චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් වන හොංකොංහි " කැතේ පැසිෆික්" ගුවන් සේවය බව ප්‍රකාශයට පත් කර ඇත.

ගියවසරේ මෙම ස්ථානය දිනාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ " එමිරේට්" ගුවන් සේවයයි.

ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු අංශයන්ගෙන් පෙන්නුම් කරන ලබන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රිය මනාප ක්‍රියා කලාපය, නවීන ගුවන් යානා භාවිතය,ගුවන් යානාවන්ගේ සුරක්ෂිතභාවය, ඉස්තරම් නඩත්තුව,පිරිසිදු භාවය සහ අහාර පානවල ඇති අනර්ඝත්වය වැනි කරුණු මෙම සමික්ෂණයේදී සැලකිල්ලට ගෙන ඇත.

ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේදී සියලු අංශයන්ගෙන් පෙන්නුම් කරන යනු ලබන කාර්යක්ෂමතාව, සේවකයින්ගේ ප්‍රිය මනාප ක්‍රියා කලාපය, නවීන ගුවන් යානා භාවිතය,ගුවන් යානාවන්ගේ සුරක්ෂිතභාවය, කාලසටහන හැකිතරම් දුරට නිවැරදිව පවත්වාගෙන යාම, යානාවන්ගේ ඉස්තරම් නඩත්තුව,පිරිසිදු භාවය සහ අහාර පානවල ඇති අනර්ගත්වය වැනි කරුණු මෙම සමික්ෂනයේදී සැලකිල්ලට ගෙන තිබේ.

මෙම සමීක්ෂණයට අනුව ලොව හොඳම ගුවන් සේවා පහ ලෙසට නම් කර ඇත්තේ කැතේ පැසිෆික්, කටාර් ගුවන් සමාගම, සිංගප්පුරු ගුවන් සමාගම, එමිරේට්ස් ගුවන් සමාගම සහ තුර්කි ගුවන් සමාගමයි. මේ අතරට ලෝකයේ විශාලතම ගුවන් සමාගම් ඇති අමෙරිකාවෙන් හෝ යුරෝපයෙන් එකම ගුවන් සමාගමක්වත් තෙරිපත්ව් නොතිබීම විශේෂත්වයකි.

මෙම සම්මානය  ලබාගත් කැතේ පැසිෆික් සමාගමේ සාමාන්‍යාධිකාරී ඉවාන් චු පැවසුවේ මෙය " තම ගුවන් සමාගමට මෙන්ම හොංකොං දේශයටත් ප්‍රෞඩ දිනයක් බවයි.

මෙම සමීක්ෂණය සඳහා ලොව වටා විවිධ රටවල ගුවන් මගීහූ දෙකොටියක් පමණ ප්‍රතිචාර ලබාගෙන ඇත.



අදහස් (0)

ලොව හොඳම ගුවන් සේවය කැතේ පැසිෆික්

ලක්මාල් Thursday, 17 July 2014 08:43 AM

අපේ එයාර් ලයින් එකේ ගුවන් සේවිකාවන් හිතාගෙන ඉන්න හැටි නම් බොහොම කණගාටුදායකයි (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 07:41 AM

රජින්ද ඔබ හරි. අපේ කට්ටිය,ලංකාවේ උපන් අයෙක් ගාව පිටරට ගුවන් ගමන් බලපත්‍රයක් තියෙනවා එහෙම දැක්කොත් කට කනේ.(නදී)

:       0       0

සුපුන් Friday, 18 July 2014 07:51 AM

ඒ වුනාට එමිරේට්ස් සහ කටාර් ගුවන් සේවය ලබන අවුරුද්දේ මීට වඩා ඉස්සරහට ඒවි (නදී)

:       0       0

චන්දන Thursday, 17 July 2014 08:18 PM

අම්මෝ! අපේ සමහර ගුවන් සේවිකාවන් ඉන්නේ ගුවන් යානය එයාලගේ වගෙයිනේ. (නි)

:       0       0

මහේෂ්‍ Thursday, 17 July 2014 09:35 PM

ලක්මාල්ට මමත් එකඟයි (නි)

:       0       0

රජින්ද Thursday, 17 July 2014 09:35 PM

පහන්, ලක්මාල් හරියටම හරි. අපේ ගුවන් යානයක යන්න ගියහම 'බැගේජ් කවුන්ටරයේ' සිට අපේම ගුවන් යානයේ අපේම මිනිසුන්ගේ ආඩම්බරකමයි මනුස්සකමක් නැතිකමයි නිසා මමත් මම දන්නා කියන හැමෝමත් ශ්‍රී ලන්කන්වල ලංකාවට යන්න-එන්න හිතන්නෙවත් නැහැ. (නි)

:       0       0

ඇසළ Thursday, 17 July 2014 10:37 AM

අපේ දේ නිසා වැඩිය විවේචනය නොකර ඉම්මු. (අ)

:       0       0

චමින්ද Saturday, 19 July 2014 03:47 AM

අපේ මැදපෙරදිග රැකියා කරන සහෝදර සහෝදරියන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෝරාගැනීම හැර, වෙනත් විකල්ප අඩුයි. ඒ නිසයි ඕක ඔය තරම්වත් අල්ලාගෙන ඉන්නේ.එම නිසා ඒ අයට ගරුසරු ඇතුව සළකන්න ඉගෙනගන්න අපේ ගුවන් සේවයේ නෝනාවරුනි. (නි)

:       0       0

කමනි Friday, 18 July 2014 03:30 AM

පහන් , ලක්මාල් කියන දේත් එක්ක මමත් එකග වෙනවා . නිකන් නෙවි අත්දැකීමෙන්. (නදී)

:       0       0

මහීපාල Thursday, 17 July 2014 11:49 AM

පහන්ට මමත් එකඟයි (නි)

:       0       0

ප්‍රනීත් Thursday, 17 July 2014 11:51 AM

පහන්ගේ අදහස හරියටම හරි. අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය කවදාවත් එන්නේ නැහැ ඔය තැනට. මොකද අපේ ගුවන් සේවිකාවන්ගේ ආඩම්බරකම(සිනහව කියන දේ හඳුරන්නේ නැති ), අලසකම , මිත්‍රශීලි නොවන සේවය , ගුවන් ගමන් ප්‍රමාදය . යන කරුණු මත අපේ ගුවන් සේවය හැමදාම එක තැන (නි)

:       0       0

පෙරේරා Friday, 18 July 2014 09:48 AM

මම හිතන් හිටියේ හොඳම ගුවන් සේවා දෙකම ලංකාවේ කියල නේ. (අ)

:       0       0

ෂෙහාන් Thursday, 17 July 2014 06:44 AM

තුර්කිය තියෙන්නේ කොහෙද ඇත්තටම? (ස)

:       0       0

අරවින්ද Thursday, 17 July 2014 01:12 PM

සුභ පැතුම්! (නි)

:       0       0

පහන් Thursday, 17 July 2014 07:39 AM

ඇත්තටම හොදයි, අපේ එයාර් ලයින් එක තමයි සිංහලයට වැඩිම ආඩම්බරකම් පාන ගුවන් සේවිකාවන් ඉන්න ගුවන් සමාගම. ලස්සනයි කියල හිතාන ඉන්නේ (නදී)

:       0       0

ජයලත් Friday, 18 July 2014 10:46 AM

මට නම් හොඳම අපේ එක. පුදුම විදියට ලාබත් ලබනවානේ (නි)

:       0       0

නදීෂා Friday, 18 July 2014 11:07 AM

අපේ අය මේ තත්ත්වයට එන්නේ කවදාද? (නි)

:       0       0

රොහාන් සෞදි Friday, 18 July 2014 11:08 AM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කට්ටිය මේ අදහස් බැලුවා නම් හොඳයි. මොකද මේ කියන හැමදෙයක්ම ඇත්ත නිසා. (නි)

:       0       0

රසිකා Friday, 18 July 2014 06:38 AM

ඇයි ඇසළ අපේ වැරදී ගැන කතා නොකර ඉඳිමු කියන්නේ? හැමදාම වැරදි කරන්න දෙමු කියලද කියන්නේ? (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 17 July 2014 08:24 AM

ගුවන් යානා නිෂ්පාදනය කොට සේවාවන් ඉටුකරන යුරෝපයේ ගුවන් සමාගම් අභිබවා ආසිතික ගුවන් සමාගම් ලෝකයේ ඉදිරියෙන් සිටීම සතුටට කරුණක්. ඇරත් කැතේ ෆැසිපික් ගුවන් ගමන් වලදී ඉටුකරන අගනා සේවය මෙන්ම ප්‍රවේශ පත්‍ර මිල ගණන්ද ඉතාමත් සාධාරණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 343 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1626 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site