IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලොව වායු දූෂණය වැඩිම නගරය නිව්යෝක්

ලෝකයේ වායු ගුණත්ව දර්ශකයට අනුව, ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට නිව්යෝක් නගරයේ වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය බරපතල තත්ත්වයක් බවත් විද්‍යාඥයෝ අනතුරු අගවති.

නිව්යෝක් නුවර මේ අයුරින් වායු දූෂණයට හේතුව කැනඩාවේ ප්‍රාන්ත කීපයක පාලනය කිරීමට නොහැකි අයුරින් පැතිරෙන ළැව් ගිනි යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මේවනතුරු ලෝකයේ වායු ගුණත්ව දර්ශකයට අනුව පළමු සහ දෙවැනි ස්ථානයේ පැවැතියේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ චීනයේ බෙයිජීං අගනුවරය.

නව වායු ගුණත්ව දර්ශකයට අනුව, නිව්යෝක් නගරය අංක 1 ස්ථානයට පත් වෙද්දී, නවදිල්ලිය දෙවැනි ස්ථානයටත්, බෙයිජීං අගනුවර තෙවැනි ස්ථානයටත් පත් වී ඇත.

මේ වනවිට ඇමෙරිකාවේ මිනසෝටා සහ විස්කොන්සින් ප්‍රාන්තවල වායු දූෂණය ද අහිතකර තත්ත්වයට පත් වී ඇතැයි ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් අනතුරු අඟවා තිබේ.

නිව්යෝක් යනු ඇමෙරිකාවේ වඩාත්ම ජනාකීර්ණ නගරයයි. වර්ග කිලෝ මීටර් 778.2 පුරා පැතිර පවතී. නිව්යෝක් නගරයේ ජනගහනය 8,800,000 ඉක්මවයි. නිව්යෝක් නගරය ඇත්තේ, නිව්යෝක් ප්‍රාන්තයේ දකුණු කෙළවරය. නිව්යෝක් නගරය ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි.



අදහස් (0)

ලොව වායු දූෂණය වැඩිම නගරය නිව්යෝක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18067 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 14005 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10820 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 462 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 139 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site