IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලොව වයස්ගතම කත මියයයි

ලොව ජීවත්ව සිටි වයස්ගතම කාන්තාව බව කියන සුසන්නා මුෂාට් ජෝන්ස් අවුරුදු 116 දී ඇමරිකාවේ නිව්යෝක්හිදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජෝන්ස් 1899 දී ඇමරිකා එක්සත් ජනපදියේ දකුණු ප්‍රදේශයේ අලබාමා හිදී උපත ලද්දාය.

1922දී උපාධිය ලබාගත් ඇය උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූවාය. පසුව ඇය නිව්ජර්සි හා  නිව්යෝක්හි පදිංචිව සිටියාය. ඇය ගෘහ සේවිකාවක හා ළමාරක්ෂාව සපයන්නියක ලෙස සේවය කළාය.

ඇය නිව්යෝක් නුවරට පැමිණි පසු ඇගේ උසස් පාසලේ සමකාලීනයන් කණ්ඩායමක් සමග අප්‍රිකා හා ඇමරිකා තරුණ කතුන්ට පාසල් යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ පදනමක් ඇරඹුවාය.

ගිනස් ලෝක වාර්තා සහ නිව්යෝක්හි වැන්ඩාලියා ජ්‍යෙෂ්ඨ සංසදය ට අනුව එම තොරතුරු සනාථ කළ හැකි බව එන්ඩීටීවී පුවත් සේවය පවසයි.

ඇය 1965දී විශ්‍රාම ගොස් ඇති අතර ඇගේ දීර්ඝායුෂ සඳහා හේතුව වැඩි නින්ද බව ඇය කියා ඇත. එසේම ඇය කිසිදාක දුම්පානය හෝ ඇල්කොහොල් පාවිච්චි කර නැති බවද පැවසේ. මෙතෙක් ලොව වාසය කළ වයස්ගතම තැනැත්තා ලෙස සනාථ කරගෙන ඇත්තේ ප්‍රංශයේ ජෙආනා කැල්මෙන්ට්ය. ඇය 1997 දී මිය ගිය අතර ඒ වන විට ඇයට වයස අවුරු 122 දින 164 ක් විය.

web_worldoldest_2016513



අදහස් (0)

ලොව වයස්ගතම කත මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site