මෙතෙක් ලොව සොයාගත් විශාලත ම ජලජ කෘමියා චීනයෙන් හමුවූ බව පර්යේෂකයෝ කියති. පරිසරවේදීන් පවසන්නේ මේ කෘමියා ලොව විශාලත ම කෘමියා ද විය හැකි බවයි. තම සිරුරට වඩා විශාල පියාපත් යුවලකට හිමිකම් කියන මේ සත්ත්වයා මෙගලොප්ටෙරා පවුලේ අලුත්ම සාමාජිකයා ලෙස නම්කැර තිබේ.
චීනයේ සිචුවාන් පළාතේ චෙන්ජු ප්‍රදේශයේ කන්දකින් මේ කෘමියා හමුවූ බව පර්යේෂකයෝ කියති. මේ වර්ගයේ හොඳින් වැඩුණු සත්ත්වයකු පියාපත් දිගහැරිවිට දෙකෙළවර අඟල් 8.3ක් දිගැතිය.
මීට පෙර වාර්තා වී ඇති විශාලතම කෘමියා ලෙස සැළකෙන්නේ ඇමෙරිකාවේ සිටින දකුණු ඇමෙරිකානු හෙලිකොප්ටර් මැස්සා නැමැති සත්ත්ව විශේෂයයි. එම සත්ත්වයකුගේ පියාපත් දිගහැරි විට පියාපත් අතර දිග අඟල් 7.5 කි.
මෙගලොප්ටෙරා පවුලේ සාමාජිකයන් ගැන පර්යේෂණ සිදුකැර ඇත්තේ ඉතා සුළු වශයෙනි. මෙවන් කෘමියකු බිහිවීමේ ක්‍රියාවලියේ දී අවධි කිහිපයක් ගතකිරීම ජීවන චක්‍රයක් සම්පූර්ණ කරයි. මෙහිදී මේ නව විශේෂය පිළවකු ලෙස ඉතා දිගු කාලයක් ගත කරන බව ද පර්යේෂකයෝ කියති. මොවුන් වැඩුණු සතකු ලෙස ගතකරන කෙටි සුහුඹුල් කාලය ලිංගික ක්‍රියාවලියෙන් පසු අවසන් වේ.
හිස ඉදිරිපිස ඇති යෝධ අඬු දෙක (ඇන්ටෙනා) ආහාර ගැනීමේ දී භාවිතා නොකරයි. එය ගැහැණු සතුන් ආකර්ශනය කැර ගැනීමටත් සංසර්ගයේ දීත් උපකාරී කරගනී. පරිසරවේදීන් පවසන්නේ මේ ආකාරයේ කෘමීන් දරුණු ලෙස මිනිසුන්ට ද දෂ්ඨ කරන බවයි.
පිලා අවධිය සම්පූර්ණයෙන් ම ජලයේ ගත කරන මේ කෘමි විශේෂය පොකුණු, ගංඟා හා වගුරුබිම් ආශ්‍රිතව සිය ජීවිතය ගෙනයයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව ලොකුම මැස්සා චීනයෙන්
රොෂාන් Monday, 28 July 2014 06:43 PM
ලොව ලොකුම මැස්සා වගේම ලොකුම හොරු ඉන්නෙත් එහෙ තමා (නි)
තිලා Tuesday, 29 July 2014 02:33 AM
ගාමිණී - සිරි මොකෝ කියන්නේ හරියට චිනුන් මේ සතාව හදලා වගේ. මොකෝ ඉරිසියාද? අවුලක් නැහැ ඔයා ඉතින් ලංකාවෙනේ (නදී)
පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 04:03 AM
හෙට අනිද්දට මේ සතත් බැදලා රෙස්ටුරන්ට් වල තියේවි (නදී)
ගාමිණී - සිරි Monday, 28 July 2014 03:35 PM
චීන මහා ප්‍රකාරය නිසාම ලෝක ප්‍රසිද්ධ වූ චීනුන් , නුතනයේ නොයෙක් ,නොයෙක් දේවල් ලෝකයට පෙන්වමින් තවත් ප්‍රසිද්ධියට පත්වෙන්න උත්සාහ කරනු බව පෙනේ.ලොකුම මැස්සා වගේම ලොකුම රැකට් කාරයොත් ඉන්නේ චීනයේම තමා ! (අ)