IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලොව පුරා සරම්ප රෝගීන් වැඩිවෙලා

ලොව පුරා සරම්ප රෝගීන්, සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව, සරම්ප වසංගතයක් හට ගැනීමේ අවදානමක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ.

'කොවිඩ් 19' වසංගතය මුළු ලොවටම බලපෑම් එල්ල කරද්දී, ලොව පුරා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන්වලට ද එය බාධාවක් විය. ඒ අනුව සරම්ප සහ පෝලියෝ වැනි එන්නත්කරණ වැඩසටහන් අඩපණ වූ බවත්, ඒ නිසා සරම්ප රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් යුනිසෙෆ් සංවිධානය පැහැදිලි කර තිබේ.

මෙම 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි දක්වා කාලයේ සරම්ප රෝගීන් 17,338 ක් හමුවී ඇති බවත් පසුගිය 2021 වසරේ ජනවාරි සහ පෙබරවාරි දක්වා කාලයේ හමුවුණු සරම්ප රෝගීන් ගණන 9,665 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

ලොව වැඩිම සරම්ප රෝගීන් වාර්තා වී ඇත්තේ සෝමාලියාවෙනි. ඉන්පසු සරම්ප රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ යේමනය, ඇෆ්ගනිස්තානය, නයිජීරියාව සහ ඉතියෝපියාවෙනි. සෙසු රටවල ද අසාමාන්‍ය ලෙස සරම්ප රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

ලොව පුරා සරම්ප රෝගීන් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site