2016 වර්ෂයේ දී ලොවපුරා පාරිසරික ක්‍රියාකාරීන් 200ක් පමණ මියගොස් ඇති බව ග්ලෝබල් විට්නස් නම් හරිත සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.
ස්වාභාවික සම්පත් සහ භූමිය අත්පත් කර ගැනීමට සිදුකරන අරගල හේතුවෙන් රටවල් 24 කින් මෙම ඝාතන වාර්තා වූ බවත් එම සංඛ්‍යාව 2015 වර්ෂයේ වාර්තා වූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි බවත් සංවිධානය පෙන්වා දෙයි.
වැඩිම ප්‍රමාණයක් එනම් ඝාතන 49ක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර කොළොම්බියාව, පිලිපීනය හා ඉන්දියාව ද ඝාතන වැඩියෙන් සිදුවූ රටවල් ලෙස වාර්තා වී ඇත. සියලුම ඝාතන වලින් සියයට 60ක ප්‍රමාණයක් ලතින් ඇමරිකානු රටවල් ආශ්‍රිතව සිදුවී ඇති බවත් එයිනුත් සැලකිය යුතු ප්‍රමාණයක ඝාතන සිදුව ඇත්තේ ස්වදේශික කණ්ඩායම් අතර බවත් ග්ලෝබල් විට්නස් සංවිධානය පවසයි.
පසුගිය වසරේ සිදුවී ඇති ඝාතන වලින් 33ක් පතල් කර්මාන්තයේ යෙදෙන අය අතර විම ද විශේෂත්වයක් බව මෙම සංවිධානය පවසයි. මෙම ඝාතන වල උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ හොන්ඩුරාස් දේශයේ බර්ටා කැසකස් නම් හරිත ක්‍රියාකාරිනියගේ ඝාතනයයි. එම ඝාතනය ද ඇතුළුව හොන්ඩුරාස් දේශයේ ඝාතන 14ක් පසුගිය වසරේ සිදුව ඇත.
කෙසේ වුවද බර්ටාගේ ඝාතනයෙන් පසු හොන්ඩුරාස් දේශය වෙත විශාල වශයෙන් ජාත්‍යන්තර බලපෑම් එල්ලවීම නිසා මෙම වසරේ පාරිසරික ක්‍රියාකාරීන් ඝාතනය වීම බොහෝ සේ අඩු වී ඇතැයි ද වාර්තා වේ.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව පුරා පාරිසරික ක්‍රියාකාරීන් 200ක් මිය ගිහින්