IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලොව න්‍යෂ්ටික බලවත්තු

ලෝකයේ රටවල් 24 ට අධික සංඛ්‍යාවක ට න්‍යෂ්ටික  බලය තිබුනත් න්‍යෂ්ටික ආයුධ හිමි හෝ න්‍යෂ්ටික ආයුධ  ලබා ගත හැකි මට්ටමේ රටවල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.

ඇමරිකාව

ඇමරිකාව න්‍යෂ්ටික අවිවලින් පොහොසත් රටකි .ඇමරිකාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1945 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 1,054 ක්   කර ඇත. ඇමරිකාව අවසන් වරට අත්හදා බැලීමක් සිදු කළේ 1992 වර්ෂයේදීය. වැඩිම න්‍යෂ්ටික අත්හදා බැලීම් ගණනක් සිදුකර ඇත්තේ අමරිකාවයි.ඇමරිකාව අවසන් වරට අත්හදා බැලීමක් සිදු කලේ 1990 වර්ෂයේදීය.

රුසියාව

රුසියාව ඇමරිකාව සමග මිත්‍රත්වයෙන් සිටින රටකි.න්‍යෂ්ටික කටයතු වලදී සහෝදරත්වයෙන් ඔවුන් ක්‍රියාකරති. මේ රටවල් දෙකට ගොඩබිමේ , ගුවනේ සහ සාගරයේ  ද  න්‍යෂ්ටික අවි මෙහෙයවීමේ බලය ඇත . රුසියාව සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම 1949 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 715 ක් සිදු කර ඇත.

 

එක්සත් රාජ්‍ය

එක්සත් රාජ්‍ය ද න්‍යෂ්ටික අවි වලින් යම්තාක් දුරකට පොහොසත් රටකි. න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කල හැකි සබ්මැරීන 4ක් ඔවුන් සතුය. එක්සත් රාජ්‍ය සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1952 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 45 ක් සිදු කර ඇත. 

ප්‍රංශය

ප්‍රංශය ලොව තුන්වැන් විශාලතම න්‍යෂ්ටික අවිහල ලෙස හදුන්වයි. මිසෛල 300ක් අඩංගු සබ්මැරීන 4ක් ඔවුන් සතුය. ප්‍රංශය සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1960 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 210 ක් සිදු කර ඇත. 

චීනය

චීනයට ගොඩබිම සහ ගුවනේ න්‍යෂ්ටික බලය ඇති අතර මිට මස 32 ට පෙර පළමු තාප න්‍යෂ්ටික අත්හදාබැලිම සිදුකළේය. චීනයට  සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1964 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 45 ක් සිදු කර ඇත. 

ඉන්දියාව

ඉන්දියාව ස්වකීය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ආරම්භ කලේ චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කල සමයේදී ය .ඉන්දියාවටද ගොඩබිම සහ ගුවනේ න්‍යෂ්ටික බලය ඇත. ඉන්දියාව පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම  1974 වර්ෂයේ සිදු කල අතර මේ වන විට අත්හදා බැලීම් 6 ක් සිදු කර ඇත. 

පකිස්තානය, උතුරු කොරියාව, ඊශ්‍රායලය සහ ඉරානය වැනි රටවල් කුඩා පරිමාණයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකර ඇතත් එතරම් බලවත් න්‍යෂ්ටික අවිවලට හිමිකම් නොකියයි. කෙසේවෙතත් ඉහත රටවල් අතුරින් පකිස්තානය න්‍යෂ්ටික අත්හදා බැලීම් හයක් ද, උතුරු කොරියාව තුනක් ද කැර ඇත.



අදහස් (0)

ලොව න්‍යෂ්ටික බලවත්තු

ගාමිණී Saturday, 06 April 2013 10:47 PM

ඇමරිකාවේ න්‍යෂ්ඨික බලය කොපමනද යන්න පෙන්නුම් කළ වියටිනාම් ජාතිකයෝ! බොරු ෂෝ-බන ලොවට පෙන්නන්න උත්සහ කරන්න එපා- හොඳේ!(නදී)

:       0       0

බබානිස් Friday, 05 April 2013 03:39 AM

පිස්සු හැදුණා මේක කියවලා. නරකද මේක ඔබාමටත් යැව්වොත්? කියවලා දඩස් ගාලා වැටෙයි, ඇයි දෙකක් නැහැ. (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 15 April 2013 11:59 PM

ඇමෙරිකාව මෙච්චර මේ අනිත් රටවල න්‍යෂ්ටික අත්හදා බැලීම වලට විරුද්ධ වෙන්නේ කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් දාලා එයාලගේ ලොකුකම පෙන්නන්නද කොහෙද මගේ හිතේ (නි)

:       0       0

විපුල Thursday, 04 April 2013 02:38 PM

රුසියාව ඇමරිකාව සමග සහයෝගයෙන් ඉන්න රටක් වෙන්නේ කොහොමද (අ)

:       0       0

විරාජ් Friday, 05 April 2013 10:13 AM

එතකොට ලංකාව ? කී වරක්ද. තවම නැතිනම් අලුත් ලංකාවට ඒකත් ඕන වෙනව. (ස)

:       0       0

මදුමල් පෙරේරා Thursday, 04 April 2013 04:53 PM

අන්තිමට බලාගෙන ගියාම ඔක්කොම අත්හදා බැලීම් කරලා තියෙන්නේ ඇමරිකාවෙනේ.. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 04 April 2013 07:40 PM

එක නම් ඇත්ත. (අ)

:       0       0

දූපත් වාසියෙක් Thursday, 04 April 2013 08:50 PM

මිදී කොහෙද තිත්ත , නරි කියයිද ඇත්ත !!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site