IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලොව ධනවත්ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි

ලොව ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ මැක්කෙන්සී ගෙන් වෙන්වී විසි පස් වසරක විවහා ජීවිතයට සමු දීමට තීරණය කර ඇත.

ඔවුන් දික්කසාදයෙන් පසුව මිතුරන් ලෙස ඇසුරු කිරීමට තීරණය කර ඇත. 

1993 දී මොවුන් විවාහා වී ඇති අතර ඔවුන්ට විවාහයෙන් දරුවන් සිව් දෙනෙක් සිටිති. 

48 හැවිරිදි  මැක්කෙන්සී  ලේඛිකාවක් වන අතර විධායක අධ්‍යක්ෂකවරියක් ලෙසද කටයුතු කරයි.

ලොව ධනවත් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අභිබවා ඉදිරියට ඒමට ඇමසන්සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් සමත් විය.

වසර 25කට පෙර පිහිටවනු ලැබූ ඇමසන් සමාගම ලොව ධනවත්ම සමාගම් බවට පත් වී ඇති අතර 2013 අගෝස්තු 5 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 250කට ඇමරිකාවේ ප්‍රධාන පුවත්පත් සමාගම මිලදී ගත්තේය. 

බ්ලුම්බර්ග් දර්ශකයට අනුව ඩොලර් බිලියන 137 ක් වටිනා ශුද්ධ වටිනාකම පිළිබඳ දික්කසාද නඩුවේදී තීරණයක් ගනු ඇත.

විවාහ ජීවිතය ගතකළ කාල සීමාවේ උපයා ගත් වත්කම් ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාගේම අයිතිවාසිකම් ලෙස සලකා  ගිවිසුමට අනුව වත්කම සාධාරණව බෙදුනු ඇත.එහෙත් සාධාරණ බෙදීම්  ලෙස සැමවිටම වත්කම සමව බෙදීම නොවේ යැයි දික්කසාද නීතිඥයෙකු පවසා ඇත.

(63226)

 



අදහස් (0)

ලොව ධනවත්ම පුද්ගලයා දික්කසාද වීමට තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site