ලොව ඕනෑම තැනක ඕනෑම ඉලක්කයටකට නිවැරදිව පහර දිය හැකි ආකාරයේ නව මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට රුසියාව සමත් විය. රුසියාව මෙම අන්තර් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය නම් කර ඇත්තේ ‘සර්මැට්’ යනුවෙනි.
බැලස්ටික් මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි ප්‍රබල මිසයිල වර්ගයකි. ‘සර්මැට්’ මිසයිලයට ඕනෑම ආකාරයක න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි බව පැවැසෙයි.
ඒ අනුව, රුසියාවේ න්‍යෂ්ටික අවි අතරට එක් වුණු නවතම අවිය ‘සර්මැට්’ යැයි ද පැවැසෙයි. සර්මැට් මිසයිලය නිපදවීම සඳහා රුසියානු විද්‍යාඥයන්ට වසර 20 කට අසන්න කාලයක් ගත වී ඇතැයි ද පැවැසෙයි. ‘සර්මැට්’ මිසයිලය බරින් ටොන් 200 කි
රුසියාව මේ වනවිට යුක්රේනයට පහර දෙයි. රුසියාව යුක්රේනයට බහර දීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරියේ සිටය. මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත වෙනුවෙන් දරුණු සටන් ඇවිළෙමින් පවතින බව වාර්තා වේ.
රුසියානු යුක්රේන යුද්ධය තෙවැනි ලෝක යුද්ධය දක්වාත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් වර්ධනය වුවහොත්, රුසියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ඒ සඳහා යොදා ගනු ඇත. දැනටමත් රුසියා සතුව ප්‍රබල දිගු දුර බැලැස්ටික මිසයිලයක් ඇති අතර එය නම් කර ඇත්තේ ‘සාතන් 1’ යනුවෙනි. බටහිර රටවල් ‘සර්මැට්’ මිසයිලය හඳුන්වා ඇත්තේ ‘සාතන් 2’ යනුවෙනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව ඕනෑම තැනකට පහර දිය හැකි මිසයිලයක්