යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ල කෑමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැතැයි බ්‍රිතාන්‍යයේ වෙළෙඳ අමාත්‍ය ලියාම් ෆොක්ස් අද (20) පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ඔවුන්ගේ පාලනයට ගැනීමට ගත් උත්සහයන් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ ලියාම් ෆොක්ස් ඒ බව කීවේය.
“යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ලකන්න පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැහැ. මොකද පාර්ලිමේන්තුව ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. ‘අපි ඔබත් සමඟ කොන්ත්‍රාත්තුවක් ඇති කරගෙන තිබෙනවා. අපි තීරණයක් ගන්නවා. ඔබ එම තීරණයට ගරු කරනවා’ යනුවෙන් පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට පවසා තිබෙනවා” යැයි ලියාම් ෆොක්ස් බී.බී.සී. පුවත් සේවයේ ඇන්ඩෘ මාර් වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.
“ජනමත විමසුමේ ප්‍රතිඵලයට සෑම විටම විරුද්ධ වූ පිරිසක් හිටියා. ඔවුන් දැන් ජනතාවගේ ප්‍රතිඵලය හොරකම් කරමින් ඉන්නවා. ඔවුන් දැන් බි්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හොරකම් කරන්න හදනවා” යැයි ද හෙතෙම කීවේය.
රොයිටර් ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලියාම් ෆොක්ස්ගෙන් තදබල ප්‍රකාශයක්