තමන්ට බෙදා දීමට ලැඛෙන ලියුම් හා පාර්සල් සිය ගෙවත්තේ වළ දැමීමට පුරුදුව සිටි බ්‍රිතාන්‍යය ජාතික ලියුම බෙදන්නෙකුට වැඩ වැරදී තිබේ.
ලියුම් හා පාර්සල් ටික දිනෙක සිට නොලැබෙන බව වැසියෝ පොලිසියට පැමිණිලි කළහ. පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ‘‘තැපැල් මාමා‘‘ගේ ගෙවත්තේ වළ දමා තිබූ ලියුම් හා මලූ තොගය සොයා ගැනීමට හැකිවිය.
ලියුම් 29,000 ක් පමණ සොයා ගැනීමටපොලිසිය සමත් විය.
නිදහසට කරුණු විමසූ විට ජබූර් හිසන් නම් මේ ලියුම් ඛෙදන්නා පවසා ඇත්තේ තමන්ට දරු පවුලක්ද නඩත්තු කිරීමට ඇති බැවින් දෛනිකව රාජකාරියේ යෙදීම අපහසු බවයි.තමන් වළ දැමූයේ බිල්පත් වැනි ‘‘අනවශ්‍ය‘‘ ලියුම් පමණක් බවද ඔහු කියා තිබේ.නමුත් පොලිසිය පවසන්නේ වැදගත් හා රහස්‍ය කරුණු අඩංගු ලියුම්ද තමන්ට සොයාගත හැකිවූ බවයි.
තම රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවට වරද පිළිගත් ජබූර්ට මාස 8 ක සිර දඩුවමක් නියමව තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලියුම් වළට බෙදා හිරේ යයි
ගාමිණී Tuesday, 19 February 2013 12:17 PM
ලසන්ත මල්ලී, අපේ අය ඔය වගේ වැඩ කරන්නේ නැහැ. (නදී)
චාමි Tuesday, 19 February 2013 02:18 PM
තැපැල් මාමේ, ඔයාගේ වැඩේ නම් වැරදියි. (නි)
සිරිමල් Tuesday, 19 February 2013 02:29 PM
එංගලන්තයේ මේ වගේ රස්සාවල් සේරම කරන්නේ රුමේනියාව, පෝලන්තය, ඉතියෝපියාව, ඇෆ්ගනිස්තානය, සුමාලියාව වගේ රටවලින් පැමිණ ඉන්න සරණාගතයෝයි. ඔවුන්ට ඉංග්‍රීසි ජාතිකයන් සතු හැදියාව ගුණගරුකකම හෝ දැනුම වගේ දේවල් ගෑවිලාවත් නැහැ. එංගලන්තය දැන් තුන්වෙනි ලෝකයේ රටක තත්වයට වැටීගෙනයි යන්නේ. ලන්ඩන් නුවර කොළඹ වගේ තමයි. සියයට හැත්තෑවක් ඉන්නේ ඉහත කී රටවලින් ආ අයයි. (නි)
නීලා Tuesday, 19 February 2013 03:11 PM
කොහොමද වැඩේ? විශිෂ්ටයි සර්. කොහොමද දඩුවම? අති විශිෂ්ටයි සර්. (නි)
චූල Tuesday, 19 February 2013 10:25 AM
තැපැල් ඇමතිතුමා උදව් කරන්න බැහැ කිව්වද ? (ස)
ලලිත් කටාර් Tuesday, 19 February 2013 10:25 AM
වෘත්තීය සමිතියට දාලා උද්ඝෝෂණයක් කරන්න. (ස)
ලසන්ත Tuesday, 19 February 2013 10:48 AM
ලංකාවෙන් ගිය කෙනෙක්ද? නමත් සුදු නමක් නෙමෙයි.(නදී)