IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ලයිබීරියාවේ පාසලක ගින්නකින් දරුවන් 23 ක් මරුට

ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියා නගරය ආසන්නයේ පාසලක නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් දරුවන් 23 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දරුවන් තද නින්දේ පසුවූ අලුයම් කාලයේ ගින්න හටගෙන ඇති බැවින් ඔවුන්ට ගින්නෙන් බේරීමට නොහැකි වී ඇතැයි බලධාරීහු පවසති. 

මියගිය දරුවන් අවුරුදු 10ත් 20ත් අතර වයසේ පසුවන අය බව මාධ්‍ය වාර්තා කර ඇත.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි විශ්වාස කරන නමුත් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.

ලයිබීරියානු ජනපති ජෝර්ජ් වී මහතා මියගිය දරුවන්ගේ පවුල් වෙත කනගාටුව පළකර ඇති අතර අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.

(බීබීසී ඇසුරිනි - 085)

 



අදහස් (0)

ලයිබීරියාවේ පාසලක ගින්නකින් දරුවන් 23 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 517 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site