IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා

ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩංගුවට පත් වූ තම නීතීඥවරුන් කණ්ඩායම ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරයි. ලිබියාවෙන් පැන යෑමට උත්සහ ගත් අවස්ථාවේදී ලිබියා කැරැුලිකරුවන්ට කොටු වී ලිබියා නව රජයේ අත්අඩංගුවේ සිටින ගඩාෆි පුතුට රහස් ලියවිලි ලබා දීමට උත්සාහ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නීතීඥවරුන් සිවුු දෙනකු අත්අඩංගුවට ගත්තේ ඉකුත් 7 වැනිදාය. ලිබියාවේ නව රජයේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන කරුණු කාරණා එම ලියකියවිලිවල අඩංගු වූ බවට ලිබියා රජය චෝදනා කරයි. ”අපේ නීතීඥ කණ්ඩායම සම්බන්ධයෙන් ලිබියා රජය එල්ල කරන චෝදනා ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අප මේ වනවිට කටයුතු ආරම්භ කර තිබෙනවා. සිදුවුණේ කුමක්දැයි දැනගත් පසු තීරණයක් ගැනීමට අප සූදානම්” යැයි නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙරේදා (24) නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (0)

ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 581 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 307 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site