IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලිබියාවේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්:40ක් මරුට

ලිබියාවේ අගනුවර ට්‍රිපොලි ආසන්නයේ පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 40කට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
 
විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන් වේ.
 
මියගිය බොහෝදෙනා අප්‍රිකානු ජාතිකයන් වන අතර මොවුන් ලිබියාවේ සිට හොර රහසේ යුරෝපයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් පැමිණි පුද්ගලයින් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 
ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ රැඳවියන් 120ක් පමණ සිට ඇති අතර මෙම ටජෝරා රැඳවුම් මධ්‍යස්ථානයේ 600ක පමණ සරණාගතයින් පිරිසක් රැඳී සිටින බව පැවසේ. 
 
රජයේ අනුග්‍රහය සහිතව පවත්වාගෙන යන මෙවැනි මධ්‍යස්ථාන වල දහස්ගණන් පිරිස් රඳවා සිටිති. 
 
රජයට ප්‍රතිවිරුද්ධ හමුදා නායක ජෙනරාල් කලීෆා හෆ්ටා මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්දව ලිබියානු රජයේ හමුදාවට චෝදනා කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ලිබියාවේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්:40ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site