ලිබියාවේ දකුණු දිග මර්සාක් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 43 දෙනකු මියගොස් 51දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ නැගෙනහිර ලිබියානු ජාතික හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
අණදෙන නිලධාරී කලීෆා හෆ්ටා විසින් මෙහෙයවන නැගෙනහිර ලිබියානු ජාතික හමුදාව විසින් එල්ල කරන ලද දෙවන විශාලම ප්‍රහාරය මෙය බව ද ඔවුහු චෝදනා කරති
පසුගිය ජූනි මාසයේදී රැඳවුම් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සරණාගතයින් 44 දෙනකු මියගිය අතර එය සිදුකරන ලද්දේද නැගෙනහිර ලිබියානු හමුදාව විසින් බවට චෝදනා එල්ල විය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ලිබියානු ජාතික හමුදාව පවසා ඇත්තේ මර්සාක් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ නමුත් එය කිසිසේත්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගෙන සිදු නොකල බවයි.
කෙසේවුවද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 43දෙනකු මියගිය බව මර්සාක් නගර සභා සභිකයෙකු රොයිටර් පුවත් සේවයට තහවුරු කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිබියාවේ මර්සාක් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 43 ක් මරුට