IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලිබියාවේ මානව හිමිකම් කඩවුණාදැයි සොයනවා

ගඩාෆි පාලනය අවසන් කිරීමට නේටෝ හමුදා ලිබියාවට හෙලූ බෝම්බවලින් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත බාසෝ සැන්ක් පවසයි. බාසෝ සැන්ක් දකුණු අපි‍්‍රකාව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ තානාපතිවරයාය. නව සභාපතිවරයා ලෙස තව දින කිහිපයකින් වැඩ භාර ගැනීමට නියමිතව සිටින්නේ බාසෝ සැන්ක්ය. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී කැරැලිකාර පාර්ශ්වයේ ඉල්ලීම සලකා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලියක් සම්මත කර ගත්තේය. ලිබියාවට ඉහළ අහසේ ගුවන් ගමන් තහනම් කර, ගඩාෆි හමුදා ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලීමට නේටෝවට අනුමැතිය ලැබුණේ එම යෝජනාවලිය ඔස්සේය. නේටෝව එල්ල කළ බෝම්බ ප‍්‍රහාරවලින් ලිබියා හමුදාවට බරපතළ හානි සිදුවූ අතරම ලිබියාවේ සිවිල් වැසියෝ ද ජීවිතක්ෂයට පත්වූහ. ගඩාෆිගේ මුණුබුරු මිණිබිරියෝද ඒ අතර සිටිති. නේටෝ ප‍්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව කොතරම්දැයි මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ බවට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කර ඇත.



අදහස් (0)

ලිබියාවේ මානව හිමිකම් කඩවුණාදැයි සොයනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site