ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ප‍්‍රංශ තානාපති කාර්යාලයට ඊයේ (23) මරාගෙන මැරෙන කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ මුරට සිටි ලිබියානු හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලිබියානු නායක කර්නල් ගඩාෆි මරා ඔහුගේ පාලනය අවසන් කිරීමෙන් පසු, ටි‍්‍රපොලි අගනුවර විදෙස් තානාපති කාර්යලයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ පළමුවතාව මෙයයි. ප‍්‍රහාරයෙන් තානාපති නිලධාරීන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි.
ගඩාෆිගේ පාලනය පෙරළා දැමූ කැරැුලිකරුවන්ට සහාය දුන්නේ ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය සහ ඇමෙරිකාවයි. එම බටහිර රටවල් දුන් ආයුධ බිම තැබීමට ඇතැම් කැරැුලිකාර කණ්ඩායම් කැමැත්ත පළ කර නැත.
ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවූ රජයට එරෙහිවත් ලිබියාවේ සිටින විදේශිකයන්ට එරෙහිවත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ ඔවුන්ය. තානාපති කාර්යාලයට එල්ල කළ එම බෝම්බ ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි මෙතක් හඳුනා ගෙන නැති බව ලිබියානු රජය පවසයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලිබියාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක්
සම්පත් Wednesday, 24 April 2013 04:15 PM
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරාකයෙන්, ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගත් පාඩම් ලිබියාවෙදිත් ලබා ගන්නවා. කළ කළ දේ පළ පළ දේ කිව්වළු.(නදී)
ගාමිණී-කුවෙයිට් සිට Thursday, 25 April 2013 01:55 AM
කෙලෙහි ගුණ පස්සෙන් පන්නගෙන එනවා කියන්නෙ.(නදී)