ලිබියාවේ බෙන්ගාසි සහ ටි‍්‍රපොලි නගරවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යෑම නිසා, රට අස්ථාවර වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.
මානුෂීය ආධාර රැගෙන ලිබියාවට පැමිණ සිටින විදෙස් සහන සේවකයන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම් දිනෙන් දින ඉහළ යන බව ද අන්තර් ජාතික මානව හිමිකම් සුරැකීමේ සංවිධාන වැඩි දුරටත් කියා සිටී.
ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ අවි ගැටුම් අවසන් වී නැත. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව කටයුතු කරයි. ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළ ගොස් ඇත්තේ එම නිසාය.
ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බලඇණිය පිහිටුවීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා රජය ලිබියාවේ ආරක්ෂක කටයුතුවලට මැදිහත් වීමට සැරසෙන්නේ ඉකුත් වසරේ ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය.
එම ප‍්‍රහාරයෙන් බෙන්ගාසි නුවර සිටි ඇමෙරිකා තානාපති ඇතුළු ඇමෙරිකානු ජාතිකයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය ප‍්‍රකාශ කළේ තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩා සටන්කාමීන් කියාය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලිබියාව දිනෙන් දින නොසන්සුන්