IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලිබියාවෙන් හොරෙන් ගෙන ගිය ආයුධ තොගයක් සොයාගැනේ

ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි බලයෙන් නෙරපා දැමීමට බටහිර රටවලින් කැරැලිකරුවන්ට ලැබුණු අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් ලිබියාවේ අසල්වැසියකු වන ඇල්ජීරියාව හරහා හොර රහසේ රැගෙන යෑමට උත්සහ කළ අවස්ථාවකදී ඇල්ජීරියා ආරක්ෂ අංශ අතට පත්විය. ලැබුණු ඔත්තුවකට අනුව එම ආයුධ සඟවා තිබූ ගබඩාව සොයා ගත් බවත් ආයුධ තොගය ලිබියාවෙන් ගෙන යෑමට හැදූ ආයුධ ජාවාරම්කරු සහ ඔහුගේ සගයන්ද අත්අඩංගුවට ගත් බවත් ඇල්ජීරියා ආරක්ෂක අංශ පවසයි. ආයුධ ගබඩාව පිහිටා ඇත්තේ ලිබියා-ඇල්ජීරියා දේශසීමාවේ ඇල්ජීරියාවට අයත් ප‍්‍රදේශයේ කාන්තාර නගරයකය. ගඩාෆි බලයෙන් නෙරපීමේ කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී කැරැලිකරුවන්ට අවි ආයුධ ලැබුණේ බි‍්‍රතාන්‍යයෙන් සහ ප‍්‍රංශයෙනි. ලිබියා කැරැල්ල අවසන් වූ පසුව දැන් එම අවි ආයුධ උතුරු අප‍්‍රිකාවේ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වේවි යැයි ඇමෙරිකාව බිය පළ කරයි. තවමත් අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් ඇත්තේ කැරැලිකාර පාර්ශවය සතුවය. එම නිසා ලිබියාවේ නිරන්තරයෙන් අවි ගැටුම් සිදුවන බවත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවත් වාර්තාවේ. ගෝති‍්‍රක ජනයා සහ ලිබියා නව රජයේ හමුදා අතර ද අවි ගැටුම් හට ගනී.



අදහස් (0)

ලිබියාවෙන් හොරෙන් ගෙන ගිය ආයුධ තොගයක් සොයාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site