IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලන්ඩන් මැරතන් තරගයටත් විශේෂ ආරක්ෂක සැලැසුමක්

බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයත් සමඟ ඊයේ(21) ආරම්භ වූ ලන්ඩන් මැරතන් තරගය සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ලොව නන්දෙසින් පැමිණි ධාවකයන් 36,000කට අධික සංඛ්‍යාවක් ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වී සිටියහ. තරගය ආරම්භවීමට මොහොතකට පෙර සියලූම ධාවකයෝ බොස්ටන් ප‍්‍රහාරයට බිලිවූවන් සිහිපත් කර තත්ත්පර 30 නිහඬතාවක නිරත වූහ.
තරගය පැවැත්වෙන ප‍්‍රධාන මාර්ගයේ පිහිටි පාලම්, අතුරුමාර්ගවලට දැඩි ආරක්ෂාවක් ලබාදීමට බි‍්‍රතාන්‍ය පොලිසිය පියවරගෙන ඇත. බොස්ටන් ප‍්‍රහාරයෙන් පසුව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන් සමඟ බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ සමීපව කටයුතු කරමින් සිටී.
පසුගිය වසරට වඩා සියයට හතළිහකින් ලන්ඩන් මැරතන් තරගය සඳහා ආරක්ෂාව වැඩි කිරීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා අතිරේක ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිල සුනඛයන්ද යොදවා ඇති බව බි‍්‍රතාන්‍ය පොලිසිය පවසයි. 
බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරවරුන් අතර තෙවැන්නා ලෙස සැලකෙන හැරී කුමරු මැරතන් තරගයේ පදක්කම් ප‍්‍රදානෝත්සවයට සහභාගීවීමට නියමිතව තිබිණි. 
කළු පැහැති රිබන් පටි පැළැඳ තරගය එක් වූ ධාවකයන් තරගය අවසානයේදී තමාට ලැබෙන මුදලින් කොටසක් බොස්ටන් ප‍්‍රහාරයට බිලිවූවන් සඳහා ලබාදීමට එකඟ වූ බව තරග සංවිධායකයෝ පැවැසූහ.

ධාවකයන් බොස්ටන් ප‍්‍රහාරය සිහි කර නිහඬතාවේ.....

 



අදහස් (0)

ලන්ඩන් මැරතන් තරගයටත් විශේෂ ආරක්ෂක සැලැසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site