IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලන්ඩන් පන්සල පාලි උගන්වයි

ලන්ඩන් බෞද්ධ විහාරයේ "පාලි භාෂාවේ පාරිභාෂික ශබ්ද, ඒවායේ තේරුම්  සහ බුදුදහමේ පාලි භාෂා භාවිතය" පිළිබඳ පාඨමාලාව නැවත වතාවක් මෙම 21 වැනි සඳුදා සිට ආරම්භ කර ඇත. පාඨමාලාව මෙහෙයවනුයේ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක දේදුනුපිටියේ උපනන්ද  හිමියන් විසිනි.

උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රාචාර්ය උපාධිය ද ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් සහ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිද ලබා ගෙන ඇත.

දැනට ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියට ඉගෙන  ගන්නා  උන්වහන්සේ සිංහල, ඉංග්‍රීසි, පාලි සහ සංස්කෘත භාෂාව  පිළිබඳ හසල දැනුමක් ලබා සීටි.

ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පාඨමාලාව  සතිපතා පැවැත්වේ. මෙම පාඨමාලාවට සහභාගිවන්නන් අඛණ්ඩව පැමිණීම වැදගත් වෙයි. අතපසුවන පන්ති වලදී සාකච්ජා කෙරුණ කරුණු විද්‍යුත් තැපෑලෙන් ලැබෙන්නට සලස්වනු ඇත.

පන්ති ආරම්භයේ පළමු පැය අවසානයේ සහ පන්ති අවසානයේ විනාඩි කිහිපයක භාවනා වැඩසටහනක්ද පැවැත්වෙයි. පාලි භාෂාව පිළිබඳ ආරම්භක අවබෝධයක් ලබාගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය. ගාස්තු අයකිරීමක් නැත. සතියකට වරක් සෑම සඳුදා දිනයකදීම සවස 7 සිට 9 දක්වා පන්ති පැවැත්වෙයි.  

බුදු දහමේ භාවිතා වන ප්‍රධාන පාලි යෙදුම් පිළිබඳව සහ වන්දනා සහ භාවනා කටයුතු වලදී යොදාගන්නා පාලි ගාථා සහ වදන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම තුළින් දෛනික ජීවිතය ද  අධ්‍යාත්මික මෙන්ම මානසික සුවයක් ලබාගැනීම සඳහා උපකාරීවන දැනුමක්  වර්ධනය කිරීම මෙම පාඨ මාලාව තුළින් උත්සාහ කෙරෙනු ඇත. 

LBV_2[1] LBV_3[1] Ven

 



අදහස් (0)

ලන්ඩන් පන්සල පාලි උගන්වයි

වජිර Thursday, 24 September 2015 04:03 AM

ඉතාමත්ම හොද වැඩක් .....ඔබතුමන්ලාට නිරෝගී සම්පත්තිය සහ දීර්ඝයුශ ප්‍රාර්ථනා කරමි....!!! (ම)

:       0       0

අචිර Monday, 21 September 2015 06:01 PM

හොඳ වැඩක් (නි)

:       0       0

නුවන් Monday, 21 September 2015 07:20 PM

සාධු සාධු සාධු !!! ඉතා උතුම් කාලෝචිත කර්තව්‍යයක්. (නි)

:       0       0

සත්‍යයා Thursday, 24 September 2015 12:56 AM

මෙය ශාසනයේ දියුණුව පතන කාගේත් සතුටට හේතුවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site