IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලන්ඩනයට කාලගුණෙන් අරියාදු

ලන්ඩන් නගරයේ උෂ්ණත්වය වැඩි වී ඇත. එය මේ වර්ෂයේ දී වාර්තා වූ වැඩිම උෂ්ණ්තවය හෙවත් සෙල්සියස් අංශක 32කි.

දැඩි උෂ්ණත්වය හේතුවෙන් නගරයේ පදිංචි බොහෝ දෙනා උද්‍යාන වෙත ගොස් සිටින ආකාරය දැකගත හැකි විය. අද සවස ලන්ඩන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකියක් නිකුත් කරමින් කියා සිටියේ දැඩි උණුසුම් තත්වවය පහව ගොස් ධාරානිපාත වර්ෂාවක් අැතිවිය හැකි බවයි. එ් හේතුවෙන් ගංවතුර අවධානමක් පවතින බැවින් ඉක්මණින් නිසි පියවර ගන්නා ලෙස ද උපදෙස් දි තිබේ.

 පසුගිය දා ඇති වූ ගංවතුර තත්ත්වයේ දී  නිසි පරිදි ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිටි පරිසර ඇමති ඉවත් කිරීමට සියළු අගමැති පියවර ගෙන තිබිණි.



අදහස් (0)

ලන්ඩනයට කාලගුණෙන් අරියාදු

සෑම් Friday, 18 July 2014 10:16 PM

ගිය වසරේ ඕස්ට්‍රේලියාවේ මම ජීවත්වන නගරයේ සෙල්සියස් 40 ට ඉහළින් එකදිගට සති දෙකක් තිබුනා. සමහර දින සෙ. 45 දක්වා ඉහළ ගියා. ඒවගේම පසුගිය අඟහරුවාදා උදේ ඍණ 2 යි. ඊයේ උදේ බින්දුවයි. (නි)

:       0       0

නිශේන් Sunday, 20 July 2014 11:38 AM

ඕස්ට්‍රේලියාවේ මම ඉන්න නගරයේ ගිය ජනවාරි පෙබරවාරි මාස වල එක දිගට සෙල්සියස් 42 ට වැඩි සති කිහිපයක් තිබුනා. පළාතේ සමහර උදවිය දවස ගත කළේ පුස්තකාල සහ සාප්පු සංකීර්ණ වල. සමහර දිනවල සෙල්සියස් 46 ක්. ගෙවල් ඇතුළේ පෝරණුවකට බැස්සා වගේ. දැන් ශීත ඍතුවේ බොහෝ දිනවල රෑට සෙල්සියස් 3යි නැත්නම් 4යි. (නි)

:       0       0

ගයන් Saturday, 19 July 2014 07:39 PM

ලන්ඩන් නුවර ගෙවල් හදලා තියෙන්නේ සිත කාලයට ගැලපෙන්න. මෙහෙම උෂ්ණත්වය ඉහල ගියාම එහෙ මිනිස්සුන්ට අමාරුයි. (නදී)

:       0       0

ක්‍රිස් Sunday, 20 July 2014 04:44 AM

පැරිස් වලත් හොදටම රස්නේ 32/35 අතර (අ)

:       0       0

හිමාලි Sunday, 20 July 2014 06:08 AM

ඔයගොල්ල මොනවද මේ කතා කරන්නේ. මම නම් හැමදාම ඉන්නේ සෙල්සියස් -25 ටත් අඩුවෙන්. එන්නකෝ බලන්න. පිස්සු හැදෙනවා මෙයා. (නදී)

:       0       0

ෂානිකා Saturday, 19 July 2014 07:38 AM

.මම ඉන්නෙත් ලන්ඩන් වල.අපි ඉන්න පැත්තේ සෙල්සියස් 30 ට උෂ්ණත්වය ඉහල ගියා.ගිය අවුරුද්දෙත් මේ විදිහටම උෂ්නත්වය ඉහල ගියා.දැන් නම් ලංකාවේ ඉන්නවා වගේ තමා දැනෙන්නේ.(අ)

:       0       0

තරිඳු Sunday, 20 July 2014 06:19 AM

එංගලන්ත රජය පරිසර ඇමති ඉවත් කළා. මිනිස්සු කීයක් මලත් මේ රටේ නම් ඇමතිලා ඉවත් වෙන්නෙත් නැහැ, ඉවත් කරන්නෙත් නැහැ. අපට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඊට මූලික හේතුව එංගලන්තයේ මිනිස්සු ලංකාවේ වගේ දේශපාලන පක්ෂ වල අනුගාමිකයන් හැටියට හැසිරෙන්නේ නැති එකයි. අනුගාමිකයන්ට විශේෂ සැලකිලි දැක්වීමක් එංගලන්තයේ නැහැ. (නදී)

:       0       0

කුමාර් Saturday, 19 July 2014 09:19 AM

ආපොයි ඕවා මොනවද එන්නකෝ කටාර් බලන්න පුළුවනි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site