IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලක් සිසුන්ගේ නූර්ති හරඹයෙන් නිව්යෝක් නුවර හැඩවෙයි

ඇමරිකාවේ නිව්යෝක් නුවර ස්ටැටන් අයිලන්ඩ් හි ශ්‍රී ලංකා නිව්යෝක් නැටුම් අධ්‍යාපන ආයතනය සංවිධානය කළ ‘නූර්ති හරඹ සර 2‘ කලා මංගල්‍යය පසුගිය 24 වැනිදා සවස ස්ටැටන් අයිලන්ඩ් කලා විශ්ව විද්‍යාල රංග පීඨයේදී පැවැත්විණි.

නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ නැටුම් හා රංගන කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් පැවැත්වුණු මෙම කලා මංගල්‍යය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස ශ්‍රී ලංකාවේ නැටුම්, රංගන හා බෙර වාදන කලාවේ ප්‍රවීණ කලාවේදියකු වන ජිතේන්ද්‍ර විද්‍යාපති මහතා එක්ව සිටියේය.

ධම්මිකා නාවින්න මහත්මියගේ අනුශාසකත්වයෙන් කලායතනයේ ආචාර්යවර්න වන දිල්හාන් පිනාගොඩ , නලින්ද, ඉන්දික හා උත්පල යන ආචාර්යවරුන්ගේ හා සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ගේ මූලිකත්වයෙන් නිරෝෂි ගලගෙදර මහත්මිය උත්සවයේ වේෂ නිරූපණ කටයුතු සිදු කළාය.

newyork_201510286883 newyork_201510286883-2 newyork_201510286883-3 newyork_201510286883-4



අදහස් (0)

ලක් සිසුන්ගේ නූර්ති හරඹයෙන් නිව්යෝක් නුවර හැඩවෙයි

දම් Sunday, 01 November 2015 11:02 AM

සේරම්, අපි යුරෝපයේ ඉඳන් හැකි පමණ ලංකාවට කිට්ටුවෙන් ඉදන් පුලුවන් දේ අපේ දරුවන්ට කරනවා. මෙහෙ තියෙන රටාව අනුව වැඩ කරන ගමන් අතිරේක දෙය කරන එකට වෙලාව හොයන්න හරිම අමාරු වුනත්. කොහොම කීවත් අපේ දෙමාපියන්ගේ කැපවීම ලංකාවේ වගේම හරිම එහලයි එංගලන්තයේ. (ර)

:       0       0

සේරම් පැරිස් Thursday, 29 October 2015 07:53 AM

ඇමරිකාවේ වාසය කරන ලක් වැසියන් යුරෝපයේ මෙන් නුගත් අය නොවන වග පේනවා , කරන දෙයෙත් ලස්සනක් වැදගත්කමක් දකිනවා (ම)

:       0       0

සොනාලි Tuesday, 03 November 2015 06:30 PM

සේරම්-පැරිස්, ඇමරිකාවේ දරුවන්ගේ දස්කම් අගයන්න. අපෙනුත් ඒ ලක් දරුවන්ට සුබ පැතුම්...! ඔබ නුගත් කියා මම කියන්නේ ඔබත් යුරෝපයේ ඉඳගෙනම යුරෝපයේ ඉන්න අය නුගතුන් කියන නිසායි. (නි)

:       0       0

නෙල්සන් Thursday, 29 October 2015 08:02 AM

සුබ පැතුම්! (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 03 November 2015 07:01 PM

මුළු ලෝකෙම ඉන්න සිංහල අය පුළුවන් විදිහට සිංහලකම රැකගන්නවා. නැති අයත් ඉන්නවා. (නි)

:       0       0

අමල් Monday, 02 November 2015 01:28 PM

හරිම ලස්සනයි. (ර)

:       0       0

රුවන් Tuesday, 03 November 2015 09:35 PM

සේරම් පැරිස්, ඔබ පැරීසියේ තොප්පි වෙළඳාමද කරන්නේ? (නි)

:       0       0

සරත් පර්ත් Tuesday, 03 November 2015 03:08 AM

උණුසුම් සුබ පැතුම්!(නි)

:       0       0

යොහාන් Thursday, 29 October 2015 07:18 PM

සේරම්,ඔබත් නුගතෙක් බව ඔබේ ප්‍රතිචාරයෙන්ම පෙනෙනවා. ලක් සිසු දරුවන්ට සුබ පැතුම්.......! (නි)

:       0       0

උපේක Wednesday, 28 October 2015 02:46 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 30 October 2015 03:08 PM

මගේ ප්‍රතිචාරයට කෙනෙකුට රිදිලා වාගේ , තොප්පිය හරි නිසා එයා එ්ක දමාගෙන , මම මොනවා කරන්නද ? (බ)

:       0       0

මාගලී ෆොන්සේකා Sunday, 01 November 2015 03:39 PM

සේරම් පැරිස් ඉන්නේ යුරෝපයේ නෙමේද එතකොට .ඔයාට ඇමරිකාවට යන්න හිතිලා වගේ නේද. ඔයාගේ නුගත් කම ලෝකෙට පෙන්වන්න එපා (බ)

:       0       0

සේරම් පැරිස් Wednesday, 04 November 2015 09:55 AM

රුවන් ගෑණුන්ගේ තොප්පි ගලවන රැකියවද කරන්නේ ? තොප්පි වෙළඳාමත් පැරිසියේ කළොත් නරක නෙැහැ , අපේ අය ඉන්නවා පැනලා ගන්නට . හොඳ වෙළදාමක් එ්ක රුවන් (බ)

:       0       0

සල්ගාදු පැරිස් Wednesday, 04 November 2015 10:01 AM

යුරෝපයේ විශේෂයෙන් පැරිස් වල මේ අපේ උගත් කියා ගන්නා බහුතරය රැකියාව වශයෙන් කරන්නේ ගෙවල් වල වැඩ කිරීමත් , ළමයින් බලා ගැනිමත් , එසේත් නැතිනම් කන්තෝරු ( ඔෆිස් ) වල කුණු පිසදා දැමිමත් ,සමහරු ගෙවල් වල හෝ රෙස්ටුරන්ට් වල කෝකියන් සහ පිඟන් සේදීම වාගේ දේවල් , එහෙත් ඇමරිකාවේ එංගලන්තයේ බහුතරය සැබෑ වශයෙන් වැදගත් රැකියා කරනවා , එනිසා , පැරිසියේ ජිවත් වන බහුතරය ජිවත් වන්නේ මානසික ආතතියකින් , ඔවුන් නිතරම පුවත් පත් වලින් පවා එකීනෙකාට මඩ ගසමින් , දබර කර ගන්නවා , ඕක තමා සැබෑ තත්වය . (බ)

:       0       0

සල්ගාදු පැරිස් Wednesday, 04 November 2015 06:01 PM

බොහොම ස්තුතියි සුමිත් මහතා පැරිසිය ගැන අවබෝධයක් මගේ ප්‍රතිචාරයෙන් ලබා මට ස්තුති කිරීම ගැන. මමත් මෙහි අවුරුදු 35 ක් පමණ පළපුරුදු කෝකියෙක්. එහෙත් ලාංකික සමාජයෙන් වෙන්වී ජීවත්වෙමි. ලංකාදීප පුවත්පත කරනා සේවයට බොහෝ තුති! මා නිවාඩුවක් ලද විගස කියවන්නේ ලංකාදීප එසැණ පුවත් (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 02 November 2015 09:50 AM

මාගලි ෆොන්සේකා, දෙන්න කලින් පැනලා තොප්පිය දාගෙන, මම මොනවා කරන්නද. (ර)

:       0       0

මාගලී Tuesday, 03 November 2015 01:06 PM

සේරම්, ඔය දෙන ඒවා මම ගන්න ආවේ නැහැ. මම ඉන්නෙත් පැරිස් වල. ඒකයි කිවුවේ.ඔයා වගේ නම් නූගත් නැහැ මම (නි)

:       0       0

සුමිත් Wednesday, 04 November 2015 10:52 AM

සල්ගාදු පැරිස්, සත්‍ය තත්වය පහදා දුන් දුන් ඔබතුමාට බොහෝ පින්......! (බ)

:       0       0

සොනාලි Tuesday, 03 November 2015 01:55 PM

සේරම්ට ඇමරිකාවට යන්න ඕනෑවෙලා වගෙයි. අනෙකුත් අයට නූගත් කිය කියා තමන්ගේම නුගත්කම ලොවට පෙන්වන බවකි පෙනෙන්නේ.

:       0       0

පිටබැද්දර ජයා Thursday, 29 October 2015 12:03 PM

සේරම්, කට කට! පිටරටට විරුද්ධව අදහස් පළකරන්නේ බලාගෙන හො‍ඳේ (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 03 November 2015 03:13 PM

මාගලිට සහ සොනාලිට දාගත්ත තොප්පිය හිර වෙලා වාගේ , දෙන්නම එක්කෙනා වාගේ මට පෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site