හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ඕනෑම එන්නතක් පිළිගන්නැයි ද එම එන්නත් ලබාගත් අයට ද දේශසීමා විවෘත කරන්නැයි ද එම සංවිධානය ඉල්ලීමක් කර තිබේ.
බොහෝ යුරෝපීය රටවල් සහ උතුරු ඇමෙරිකානු රටවල් චීන එන්නත්වලට අවසර නොදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ප්‍රකාශයට හේතු වී තිබේ.
ඉදිරි දිනවලදී දේශසීමා විවෘත කිරීමට යුරෝපීය රටවල් තීරණය කර තිබෙන අතර එවැනි මොහොතක ලෝක සෞඛ්‍ය සංවිධානය ඉහත ප්‍රකාශය සිදු කරන ලදි. චීනයේ නිෂ්පාදිත සිනෝවැක් සහ සයිනෝෆාම් එන්නත් දෙකට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමි වී තිබේ.
ෆයිසර්-බයෝඇන්ටෙක්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන ‘කොවිඩ්-19’ මර්දන එන්නත්වලට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමි වී තිබේ.
යුරෝපය පුරා සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් රටවලට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ යුරෝපා වෛද්‍ය කාර්යාංශයේ අනුමැතිය ලද ‘කොවිඩ්-19’ එන්නත් ලබාගත් පිරිස්වලට පමණක් බව යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී ද ප්‍රකාශයක් කළේය.
මේ සම්බන්ධයෙන් රට රටවලට තනිව තීරණ ගත හැකි බව ද එහිදි රුසියාවේ ස්පුට්නික්-V සැලකිල්ලට ගත හැකි බව යුරෝපා සංගමය සඳහන් කළේය.
යුරෝපා සංගමයේ වෛද්‍ය කාර්යාංශය මේ වනවිට චීනයේ නිෂ්පාදිත සිනෝවැක් එන්නතට අවසර ලබා දීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටියි. කෙසේ නමුත් ඊට අවසර ලැබෙන දිනයක් හෝ එම ක්‍රියාවලියේ කාලරාමුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. යුරෝපා වෛද්‍ය කාර්යාංශය ඇස්ට්‍රාසෙනකා ‘කොවිඩ්-19’ මර්දන එන්නතේ විවිධ වර්ග ද පිළිනොගනී.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම එක්ව එම එන්නත නිෂ්පාදනය කරන ලදි. ඇස්ට්‍රාසෙනකා යනු බ්‍රිතාන්‍ය සහ ස්වීඩන රටවල් කේන්ද්‍ර කරගත් බහුජාතික ඖෂධ සමාගමකි.
එම සමාගමේ එන්නතක් ඉන්දියාවේ ද නිෂ්පාදනය කරන ලදි. බොහෝ සංවර්ධනය වෙමින් තිබෙන රටවලට එක්සත් ජාතීන්ගේ සහාය ලබන ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නතය.
(ඇසෝසියේටඩ් ප්‍රෙස්)
2025 නොවැම්බර් මස 04
690
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත එන්නත් පිළිගන්න