මායා දිනදර්ශනය පිළිබඳ වැරැදි අර්ථකථන දෙමින් අද දින ලෝක විනාශය සිදුවන බවට චීනය තුළ අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ දහසක් චීන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත. සර්වබලධාරී දෙවියන් නමැති අන්තවාදී ආගමික කල්ලියකට අයත් සාමාජිකයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ලෝක විනාශය පිළිබඳ නොයෙක් කටකතා චීන වැසියන් අතර පැතිරවීමට කටයුතු කළ මේ පිරිස කොමියුනිස්ට් පාලනය පෙරළා දමන ලෙස සිය අනුගාමිකයන්ට පවසා ඇති බව ද වාර්තා වේ. ලෝක විනාශය පිළිබඳ තොරතුරු දැක්වෙන නොයෙක් සටහන් සහිත පති‍්‍රකා, වීඩියෝපට, පොත් සහ වෙනත් උපකරණ රැසක් මොවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති බවද චීන ආරක්ෂක අංශ පවසයි. අද සිට තෙදිනක් පුරා ලෝකයේ අඳුර පැතිර යන බවත් එම කාලය තුළ චීන කොමියුනිස්ට් පාලනය පෙරලා දැමීමට කටයුතු කළ යුතු බවටත් ජනතාව අතර වැරැදි තොරතුරු ප‍්‍රචාරය කිරීමට මෙම කල්ලිය පියවර ගෙන තිබේ. 2012 නැමති හොලිවුඞ් චිත‍්‍රපටය තිරගතවීමෙන් පසු ලෝක විනාශය පිළිබඳ නොයෙකුත් මත චීන සමාජයේ ආගමික කල්ලි අතර පැතිරෙන්නට විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලෝක විනාශය ගැන කටකතා පතුරමින් චීන කොමියුනිස්ට් පාලනය පෙරලීමේ තැතක්
අජිත් Saturday, 22 December 2012 06:40 PM
එහෙම කරලාහරි පෙරළන්න හදන්නේ රටට සෙතක් නැති නිසා වෙන්න බැරිද? (නි)