ලෝක විනාශයෙන් දිවි ගලවා ගැනීමට යැයි පවසමින් ප‍්‍රංශයේ බුගාරැක් නගරයේ පිහිටි කන්දට පැමිණීම තහනම් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. අද ලෝක විනාශය සිදු වන බවට විශ්වාස කරන පිරිස් පවසන්නේ ප‍්‍රංශයේ බුගාරැක් නගරය තම දිවි ගලවා ගැනීමට ඇති එකම ස්ථානය බවයි. තමන් බුගාරැක් වෙත පැමිණ එම නගරය ආසන්නයේ පිහිටි කඳුකරයට ගියහොත් එහි සිටින පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් ඔවුන්ගේ දිවි ගලවා ගනු ඇති බවට එම පිරිස් විශ්වාස කරති. මුළු ලෝකයම විනාශ වෙනවා නම් පිටසක්වළ ජීවීන් පමණක් ඉතිරි වන්නේ කෙසේදැයි 189 දෙනෙක් වාසය කරන බුගාරැක්හි නගරාධිපතිවරයා ප‍්‍රශ්න කරයි. ‘‘මා ලෝකයෙන් ඉල්ලා සිටින්නේ බුගාරැක් වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි. මිනිසුන් දසදහසක් මේ නගරයට පැමිණිය හොත් එය අපට හිරිහැරයක්.’’ යැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. ඉදිරි දින දෙක තුළ දී බුගාරැක් නගරයට හෝ ඒ ආසන්නයේ පිහිටි කඳුකරයට ඇතුළුවීම තහනම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1759										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1759										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1445										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1445										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලෝක විනාශයෙන් ගැලවෙන්න ප‍්‍රංශයේ බුගාරැක් කඳුකරයට පිවිසීම තහනම්
අජිත් Saturday, 22 December 2012 07:48 AM
මිත්‍යා මත විශ්වාස කරන්න එපා මිනිසුනේ. (නි)
ආනන්ද Friday, 21 December 2012 03:54 PM
මෙහෙම මෝඩ මිනිස්සුනම් පිටසක්වලටම තමයි ගැලපෙන්නේ (ස)
ඉෂාර Saturday, 22 December 2012 08:52 AM
බොරු කතා වලට රැවටෙන්න එපා මිනිසුනේ .බුද්ධිමත්ව සිතන්න (ස)
මනෝජ් Friday, 21 December 2012 05:10 PM
ලෝක විනාශයෙන් බේරෙන්න නම් අයිෆල් කුළුනට නගින්න ඕන..!(නු)
සෙනරත් Friday, 21 December 2012 05:43 PM
මේ කන්‍දෙ පිටසක්වල ජීවින් ඉන්නවාද කියලා හොදට හොයලා බලන්න ඕන.. වීසා නැතිව අපට යන්න බැරි ප්‍රංශයට කොහොමද පිටසක්වල ජීවීන් ආවෙ..!(නු)
සුමේද Saturday, 22 December 2012 12:14 PM
ලංකාව හොඳයි වගේ (ස)
ලක්ෂිත Sunday, 23 December 2012 01:02 AM
කොහෙත් මෙහෙම අය ඉන්නවා. (නි)
ලක්ෂිත Sunday, 23 December 2012 01:06 AM
අයියෝ අපිට වාසනාවක් නැහැනේ. (නි)
ආසිරි Saturday, 22 December 2012 02:34 PM
මේක ප්‍රංශයක් නෙමෙයි අප්‍රභංශයක් (ස)
ප්‍රියන්ත Friday, 21 December 2012 01:03 PM
මොලේ නැති කට්ටිය හඳුනාගන්න හොඳ අවස්ථාවක් (ස)
සුනිල් Saturday, 22 December 2012 03:18 PM
ලැජ්ජයි. කෝ උනාද (දී)
අමිදුම් Friday, 21 December 2012 10:55 PM
මිත්‍යාවන්...!(නු)
නිත්‍යා Friday, 28 December 2012 12:32 PM
මැරෙන්න තියෙනවානම් කොහේ හිටියත් මැරෙනවා (ස)