පළමුවන ලෝක යුද සමයේ දී ප්‍රංශයේ උතුරු මුහදේ ගිලී ගිය ජර්මන් සබ්මැරීනයක් ක්‍රම ක්‍රමයෙන් මතුවන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
uc-61 නම් මෙම යාත්‍රාව 1917 වර්ෂයේ ජූලි මාසයේදී කැලැයිස් ආසන්නයේ ගිලීගොස් ඇත.
යාත්‍රාව ගිලෙන විට එය අතහැර දැමූ කාර්ය මණ්ඩලයේ 26 දෙනා ප්‍රංශ හමුදාවට යටත් වී ඇත.
මෙයින් වසර කිහිපයකට පෙර සිට සබ්මැරීනය නැවතත් මතුවන්නට පටන්ගත් අතර එය නැරඹීමට සංචාරකයින් බොහෝ දෙනකු පැමිණෙන්නට විය.
බාදිය ඇතිවිට සබ්මැරීනය වඩාත් හොඳින් දර්ශනය වූ අතර මෙවර ප්‍රථම වතාවට එහි විශාල කොටසක් ඉහළට මතු වූ බව පැවසේ.
මෙම සබ්මැරීනය සතුරු නැව් මුහුදේ ගිල්වීම සඳහා යොදාගත් එකක් වන අතර බෝම්බ සවි කිරීම හෝ නැව් පතුල සිදුරු කිරීම මගින් මෙය සිදුකළ බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.
මෙලෙස නැව් 11ක් මෙම සබ්මැරීනය මගින් ගිල්වූ බව සඳහන් වේ.
(බිබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක යුද සමයේ ප්‍රංශයේ උතුරු මුහුදේ ගිලීගිය ජර්මන් සබ්මැරීනයක් මතුවෙයි